මූලික බැංකුකරණය, ණය දීම්, වෙළෙඳ මුල්‍යකරණය සහ භාණ්ඩාගාර මෙහෙයුම් ආවරණය වන පරිදි පුළුල් වන මෙම සහයෝගීතාව, Cargills Bank හි දීර්ඝකාලීන වර්ධන අරමුණු සඳහා ශක්තියක් වන ඒකාබද්ධ, අනාගතයට ගැළපෙන බැංකු තාක්ෂණික පදනමක් නිර්මාණය කරයි.
කෘත්‍රීම බුද්ධිය මුල් කරගත් (AI-First) සහ ව්‍යවසාය මට්ටමේ මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයකු වන Intellect Design Arena Ltd., ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන Cargills Bank හි ඩිජිටල් බැංකුකරණ හැකියාව පුළුල් කිරීමට සහ ඔවුන් අතර පවතින දීර්ඝකාලීන තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට, Composable eMACH.ai Core Banking Architecture පද්ධතිය තෝරාගත් බව නිවේදනය කළේය.
මෙම සහයෝගීතාව Cargills Bank හි ඩිජිටල් පරිවර්තන ගමනේ නවතම අදියර සලකුණු කරන අතර, පහසුවෙන් වෙනස්කම් කළ හැකි (Composable) සහ ක්ලවුඩ් තාක්ෂණයට හිතකර නවීන බැංකු පද්ධතියක් වෙත මාරු වීමට බැංකුවට මඟ පාදයි. මූලික බැංකුකරණය, ණය දීම්, වෙළෙඳ මුල්‍යකරණය සහ භාණ්ඩාගාර මෙහෙයුම් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන මෙම වැඩසටහනෙන් ව්‍යාපාරික නම්‍යශීලීභාවය, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ දීර්ඝකාලීන වර්ධනය තහවුරු කරන ඒකාබද්ධ තාක්ෂණික පදනමක් ගොඩනැගේ. මෙම නවීකරණය හරහා නව පාරිභෝගිකයන් පද්ධතියට එකතු කරගැනීම, තැන්පතු, ගෙවීම්, ණය අනුමත කිරීම සහ කළමනාකරණය, සීමා සහ ඇපකර කළමනාකරණය, වෙළෙඳ මුල්‍යකරණය සහ භාණ්ඩාගාර කටයුතු වැනි වැදගත් බැංකු සේවා රැසක් වඩාත් කාර්යක්ෂම වන අතර, නවීන මූල්‍ය නිෂ්පාදන කඩිනමින් හඳුන්වා දීමටත් පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවා අත්දැකීමක් ලබා දීමටත් හැකියාව ලැබෙනු ඇත.
වසර ගණනාවක් පුරා ගොඩනගාගත් විශ්වාසනීය සබඳතාව මත සිදුකෙරෙන මෙම ව්‍යාප්තිය, ව්‍යාපාරික සහ පාරිභෝගික අවශ්‍යතාවලට අනුකූලව යාවත්කාලීන විය හැකි නවීන බැංකු පද්ධතියක් වෙනුවෙන් Cargills Bank දක්වන කැපවීම මනාව පිළිඹිබු කරයි. Intellect සමාගමේ Design Thinking සංකල්පය සහ First Principles ප්‍රවේශය පදනම් කරගනිමින්, ඉදිරි දශකය පුරා බැංකුවේ වර්ධනය, නවෝත්පාදන සේවා සහ වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා ඉටුකළ හැකි සුරක්ෂිත, ශක්තිමත් තාක්ෂණික පදනමක් නිර්මාණය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. අඛණ්ඩ තාක්ෂණික නව්‍යකරණයන් සහ මෘදුකාංග යාවත්කාලීන කිරීම් හරහා මෙම පද්ධතිය නිරන්තරයෙන් වර්ධනය වන බැවින්, වෙනස් වන වෙළෙඳපොළ ඉල්ලුමට සහ පාරිභෝගික අවශ්‍යතාවලට සාර්ථකව මුහුණ දීමට Cargills Bank සැමවිටම සූදානම්ව සිටිනු ඇත.
මෙම පුළුල් කළ සහයෝගීතාව යටතේ Cargills Bank විසින්, Composable eMACH.ai Core Banking Architecture හරහා සිය බැංකු තාක්ෂණය නවීකරණය කරනු ලබයි. මූලික බැංකුකරණය, ණය දීම්, භාණ්ඩාගාර මෙහෙයුම් සහ වෙළෙඳ මුල්‍යකරණය එකට යා කරන ඒකාබද්ධ පද්ධතියක් ස්ථාපිත කරයි. නවීන, පහසුවෙන් වෙනස්කම් කළ හැකි සහ ක්ලවුඩ් තාක්ෂණයට හිතකර පද්ධතියකින් සිය ඩිජිටල් පදනම තවදුරටත් ශක්තිමත් කරයි. නවෝත්පාදන වේගවත් කරමින්, පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කර දීර්ඝකාලීන ව්‍යාපාරික වර්ධනයට මගපාදයි. ඉදිරි දශකය තුළ බැංකුවේ උපායමාර්ගික ඉලක්ක සමග පරිණාමය විය හැකි අනාගතයට ගැළපෙන බැංකු පද්ධතියක් ගොඩනගයි.
මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින් Cargills Bank හි ප්‍රධාන ෙතාරතුරු නිලධාරී ඉන්දික ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.
“Cargills Bank හි අපගේ මූලික අරමුණ වන්නේ පාරිභෝගික අත්දැකීම් තවදුරටත් වැඩිදියුණු කරන සහ අපගේ දීර්ඝකාලීන වර්ධන අරමුණුවලට සහය වන නවීන තාක්ෂණයන් වෙනුවෙන් නිරන්තරයෙන් ආයෝජනය කිරීමයි. Intellect සමාගම සමග ඇති අපගේ සබඳතාව වසර ගණනාවක් පුරා ගොඩනැගුණේ එක හා සමාන නවෝත්පාදන දැක්මක් සහ විශ්වාසයක් පදනම් කරගෙනයි. මෙම සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම හරහා, ඉදිරි වසර ගණනාව පුරාවට අපගේ පාරිභෝගිකයන්ට වඩාත් සරල, බුද්ධිමත් සහ පෞද්ගලිකත්වයට ගැළපෙන බැංකු සේවාවක් ලබා දීමට හැකි ඒකාබද්ධ, අනාගතයට ගැළපෙන බැංකු පද්ධතියක් නිර්මාණය කිරීමට අපට පුළුවන්.”
Intellect Design Arena හි ඉන්දියාව සහ දකුණු ආසියාතික කලාපය භාර ප්‍රධාන විධායක නිලධාරී රමනන් එස්. වී. මහතා මෙසේ පැවසීය.
“ලංකාවේ බැංකු ක්ෂේත්‍රය නව පරිවර්තනීය යුගයකට පා තබමින් සිටින අතර, බැංකු විසින් උසස් පාරිභෝගික සේවාවක් ලබා දෙන අතරම තිරසාර වර්ධනයක් අත්කර ගත හැකි නවීන, ශක්තිමත් තාක්ෂණික පද්ධති වෙනුවෙන් ආයෝජනය කරනු ලබනවා.
මෙම පුළුල් කළ සහයෝගීතාව හරහා Cargills Bank සමග ඇති අපගේ දීර්ඝකාලීන සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ලැබීම ගැන අප ආඩම්බර වෙනවා. මූලික බැංකුකරණය, ණය දීම්, භාණ්ඩාගාර මෙහෙයුම් සහ වෙළෙඳ මුල්‍යකරණය පුරා අපගේ Composable eMACH.ai Architecture පද්ධතිය එක් කිරීමෙන්, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ අඛණ්ඩ නවෝත්පාදනය එකට කැටි කළ අනාගතයට ගැළපෙන පද්ධතියක් මත ක්‍රියාත්මක වීමට බැංකුවට අවස්ථාව ලැබෙනවා.”
Cargills Bank-Intellect උපායමාර්ගික සබඳතාව පුළුල් කරමින් eMACH.ai මූලික බැංකු පද්ධති තාක්ෂණයට යාවත්කාලීන වෙයි