
කොළඹ නගරය දකුණු ආසියාවේ සංචාරක කේන්ද්‍රස්ථානය බවට පත් කරමින් City of Dreams Sri Lanka මෙරට ආරම්භ කළ සියලු පහසුකම්වලින් යුත් ප්‍රථම හෝටල් සංකීර්ණය ලෙස ඉතිහාසයට එක්ව හමාරය. එහි සුඛෝපභෝගී හෝටල් සේවාව ලෙස මීට වසරකට පෙර හඳුන්වා දෙනු ලැබූ NUWA නවමු සංචාරක අත්දැකීමක් උරුම කරදීමට සමත් වූයේ කොළඹ නගරයේ හා ඉන්දියන් සාගරයේ අලංකාරත්වය රිසි සේ විඳගැනීමේ අවස්ථාවද උදා කර දෙමිනි.
City of Dreams Sri Lanka හි සුවිශේෂී කොටසක් වූ NUWA නිරන්තරයෙන් අමුත්තන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ඒවා රිසි සේ සපුරාදීමටත් ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින් උසස් තත්වයේ අසමසම සේවාවක් ලබා දීමටත් කටයුතු කර ඇත්තේ අහස උසට විහිදුණු හෝටල් අවකාශයක අත්දැකීමද ලබා දෙමිනි.
ගතවූ වසරක කාලය තුළ මෙරට හෝටල් ක්ෂේත්‍රයේ සුවිශේෂී ජයග්‍රහණ රැසකට හිමිකම් කීමට NUWA සමත්ව ඇත්තේ එම අසමසම සේවාව නිසාය. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ^SLTDA& වෙතින් පිළිගත් තරු පහේ නිල වර්ගීකරණය ලබා ගැනීමට හැකිවීම ගෙවුණු වසරේ ඉතා වැදගත් සිදුවීමක් විය. ජාත්‍යන්තර මට්ටමේ ඉහළම සුඛෝපභෝගී ප්‍රමිති ලබාදීමට හෝටලය සතු කැපවීම මෙන්ම, ලොව පුරා සිටින ඉහළ පෙළේ සංචාරකයන්ගේ ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් NUWA හෝටලය දක්වන දායකත්වය මේ තුළින් ඇගයීමට ලක්කර ඇත.
එමෙන්ම Travel + Leisure වැනි ලොව ප්‍රමුඛ පෙළේ සංචාරක සඟරාවලි පිළිගැනීමට ලක්ව ඇති NUWA ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී සංචාරක ක්ෂේත්‍රය හැඩගස්වන නවතම පරපුරේ හෝටල් අත්දැකීමක් ලෙසද ජාත්‍යන්තරය තුළ හඳුනාගෙන ඇත. ගතවූ වසර පුරාම ලොව පිළිගත් ජාත්‍යන්තර සංචාරකයන්, ව්‍යාපාරික නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, ලොව ප්‍රකටතරු සහ සුඛෝපභෝගී අත්දැකීම් සොයන්නන් විශාල පිරිසක් වෙත සිය සුඛෝපභෝගී සේවා ලබා දීමට කටයුතු කළ NUWA, කොළඹ නගරය ජාත්‍යන්තර තත්වයේ සේවා සැපයිය හැකි ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස පෙන්වා දී ඇත.
NUWA හි සුවිශේෂත්වය වන්නේ සෑම අමුත්තෙකුටම පුද්ගලිකවම ගැළපෙන පරිදි ලබාදෙන ආගන්තුක සත්කාරයයි. ඒ වෙනුවෙන්ම වෙන්වූ බට්ලර් සේවාව, අමුත්තන්ගේ රුචිකත්වය අනුව සකසන ලද විශේෂ සංචාරක සැලසුම්, තෝරාගත් විශේෂ ආහාර අත්දැකීම් සහ ශාරීරික සුවතාව උදෙසා වන විශේෂිත වැඩසටහන් මෙහි ඇතුළත් වේ.
NUWAහෝටලයේ අනන්‍යතාව ගොඩනැගී ඇත්තේ හුදෙක් ජාත්‍යන්තර ප්‍රමිති මත පමණක් නොවේ. දේශීය සංස්කෘතියෙන් ආභාෂය ලැබූ අලංකරණය, ආහාර කලාව හරහා කියැවෙන දේශීය අනන්‍යතාව සහ මෙරට කලාකරුවන් හා නිර්මාණකරුවන් සමග එක්ව සිදුකරන වැඩසටහන් හරහා ශ්‍රී ලාංකිකත්වය මනාව පිළිබිඹු කිරීමට NUWA සමත්ව සිටියි. ජාත්‍යන්තර මට්ටමේ උසස් නිමාව සහ දේශීයත්වයේ විශිෂ්ටත්වය සමගින් සමබර සේවා ක්‍රියාත්මක කරන NUWA අමුත්තන්ට ලෝක මට්ටමේ සම්බන්ධතාවක් මෙන්ම දේශීය අත්දැකීමක්ද ලබා දීමට ද ඊට හැකි වී තිබේ.
City of Dreams Sri Lanka හි ප්‍රධානතම කේන්ද්‍රස්ථානය වනNUWA ඉහළම මට්ටමේ නවාතැන්, විශිෂ්ට ආහාර පාන, සුඛෝපභෝගී සාප්පු සවාරි, විනෝදාස්වාදය, සුවතා සේවා, උත්සව අවස්ථා සහ මෙරට ප්‍රමුඛතම ක්‍රීඩා අත්දැකීම් එකම වහලක් යටට ගෙන එන ඒකාබද්ධ සුඛෝපභෝගී ගමනාන්තයකි. NUWA හි මෙම සුවිශේෂීත්වය නිසාම කොළඹ නගරය දකුණු ආසියානු කලාපය තුළ විනෝදාස්වාදය, ව්‍යාපාර සහ සුඛෝපභෝගී ජීවන රටා අත්දැකීම් සපයන ප්‍රමුඛතම කේන්ද්‍රස්ථානයක් බවට ප්‍රසිද්ධියට පත්ව තිබේ.
NUWA හි වසරක සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් City of Dreams Sri Lanka හි උප සභාපති සහ සාමාන්‍යාධිකාරී මයිකල් හබාෂි මහතා මෙසේ පැවසීය. NUWA හි සාර්ථකත්වය සනිටුහන් කළ පළමු වසර, ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී ආගන්තුක සත්කාරයේ නව්‍ය බලාපොරොත්තුවක් යථාර්ථයක් බවට පත් වූ අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකියි.
City of Dreams Sri Lanka හි සුඛෝපභෝගී හෝටල් සේවාව NUWA ලංකාවේ වසරක විශිෂ්ටත්වය සමරයි