භානුක අමරසිංහ
මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව වත්කම් කළමනාකරණ සහ ආයෝජන බැංකුකරණ සේවා වෙනුවෙන් සිය පූර්ණ හිමිකාරීත්වය සහිත නව බැංකුවක් ස්ථාපිත කිරීම සඳහා සැලසුම් කර ඇතැයි පවසයි.
පසුගිය මාර්තු 28 වැනිදා රැස්වුණු එම බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඊට අදාළ මූලික අනුමැතිය ලබාදුන් බව එම බැංකුව ඊයේ කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් අනාවරණ කර තිබේ. කෙසේ වෙතත් මෙම නව බැංකුව ස්ථාපිත කිරීම සඳහා අදාළ නියාමන ආයතනවල අනුමැතිය හිමිවිය යුතුව ඇතැයිද එම බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.
1955 වසරේදී පාර්ලිමේන්තු පනතක් මගින් සංවර්ධන බැංකුවක් ලෙස සංස්ථාපනය කෙරුණු DFCC බැංකුව වර්තමානයේදී සම්පූර්ණයෙන්ම වාණිජ බැංකුවක් ලෙස ක්‍රියාත්මක වෙයි. එසේම 1956 වසරේදී කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ ලැයිස්තුගත වූ පළමු බැංකුව ලෙසත් DFCC සැලකෙයි.
අද වනවිට මෙරට තුළ වාණිජ බැංකු මගින් ක්‍රියාත්මක කරන ආයෝජන බැංකු දෙකක් පවතින අතරNDB Investment Bank සහ HNB Investment Bank එම බැංකු වෙයි.
DFCC බැංකුවෙන් නව ආයෝජන බැංකුවක්