භානුක අමරසිංහ
DFCC බැංකුව සිය ඓතිහාසික හරිත බැඳුම්කර ලක්සම්බර්ග් කොටස් හුවමාරුවේ (Luxembourg Stock Exchange - LuxSE) ලැයිස්තුගත කිරීමටත්, ලක්සම්බර්ග් හරිත හුවමාරුවේ (Luxembourg Green Exchange - LGX) ප්‍රදර්ශනය කිරීමටත් හැකි වූ බව එම බැංකුව පවසයි.
2024 සැප්තැම්බර් මාසයේදී මුල්ම වරට නිකුත් කර කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කරන ලද මෙම බැඳුම්කර, ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත බැඳුම්කර ලෙසද සැලකේ. එසේම ශ්‍රී ලාංකික සමාගමක් විසින් ණය සුරැකුම්පත් ජාත්‍යන්තර වශයෙන් ලැයිස්තුගත කළ ප්‍රථම අවස්ථාව එයයි.
මීට පෙර 1998 වසරේදී DFCC බැංකුව විසින් ප්‍රථම වරට සිය දස වාර්ෂික ‘Floating Rate Note’ ලක්සම්බර්ග් කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කරන තිබේ. ඒ අනුව මෙය ලක්සම්බර්ග් කොටස් හුවමාරුව සමග එම බැංකුව පවත්වාගෙන යන දීර්ඝකාලීන සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරන පියවරක් බවත් බැංකුව පවසයි.
රු. බිලියන 2.5 ක් (ආසන්න වශයෙන් යූරෝ මිලියන 8 ක්) රැස්කළ DFCC බැංකුවේ හරිත බැඳුම්කර, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය සඳහාම වෙන්වුණු ප්‍රථම ප්‍රාග්ධන වෙෙළඳපොළ ණය උපකරණය ලෙස සැලකේ.
එහි මූලික ඉලක්කය වන්නේ, 2030 වසර වන විට රටේ සමස්ත බලශක්ති ජනනයෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්තිය තුළින් සපුරා ගැනීමේ ඉලක්කය ළඟා කරගැනීමට අත්වැලක් වීම සඳහා සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට අරමුදල් සැපයීමය.
DFCC හරිත බැඳුම්කර ලක්සම්බර්ග්හි ලැයිස්තුගත කෙරේ