IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


DP Aviation ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම්වලට පිවිසීමේ සාකච්ඡාවක


ගුවන් මෙහෙයුම් සහතිකයක් (AOC) සමගින් වර්තමානයේදී මෙරට තුළ අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් සිදු කරන DP Aviation සමාගම ඉදිරියේදී සිය ගුවන් මෙහෙයුම් කලාපීය වශයෙන් ව්‍යාප්ත කිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. 

ඒ සඳහා වන සාකච්ඡාවක් පසුගියදා එම සමාගමේ නියෝජිතයන්, ඔවුන් හා සම්බන්ධවීමට නියමිත ආයෝජකයන් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් සමගින් පැවැත් වුණු බව එම අධිකාරිය සඳහන් කරයි.

මෙම මෙහෙයුම් ව්‍යාප්තිය යටතේ DP Aviation සමාගම කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් සේවා පවත්වා ගෙන යාමට සැලසුම් කර තිබේ. එහිදී මෙම ව්‍යාප්තියට කොළඹ සහ යාපනය අතර ගුවන් ගමන් මෙන්ම ඉන්දියාවේ ගමනාන්තද වන බව පැවසෙයි. 

එසේම ඉදිරියේදී එම මෙහෙයුම් වඩාත් පුළුල් ආවරණයක් සහිතව දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ මැදපෙරදිග වෙතත් ව්‍යාප්ත කිරීම සැලසුම වී තිබේ. 

මෙම මෙහෙයුම් සඳහා DP Aviation සමාගම නවීනතම එයාර්බස් A220 මාදිලියේ යානා හඳුන්වාදීමට සූදානමින් සිටින අතර, වසර 2030 වන විට එම යානා සංඛ්‍යාව 10ක් දක්වා ඉහළනංවන බවත් පවසා තිබේ. මෙම මෙහෙයුම් ව්‍යාප්තියත් සමගින් නව රැකියා අවස්ථා 400 ක් පමණ නිරිමාණය වනු ඇතැයි අපේක්ෂා කරන බවත් සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. 

කෙසේ වෙතත් සමාගම වෙත නව ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ආරම්භ කිරිම සඳහා ඊට අදාළ නියාමන අනුමැතීන් ඇතුළුව සිය අධිකාරියේ ඇගයීම් අවසන් විය යුතුව තිබෙන බවත් එම අධිකාරිය සඳහන් කරයි.



අදහස් (0)

DP Aviation ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම්වලට පිවිසීමේ සාකච්ඡාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site