ශ්‍රී ලංකාවේ ජපන් භාෂා පාසල් අතර ප්‍රමුඛයකු වන Datatech Lanka සමූහ ව්‍යාපාරයට අයත් Institute of Datatech Lanka පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකයන්ගේ සංගමය සංවිධානය කළ 2024 ජාතික ව්‍යවසාය විශිෂ්ටතා ජනාධිපති සම්මාන උළෙලේදී විශිෂ්ට සේවාවක් සැපැයීම වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ අතර එහි නිර්මාතෘ ශ්‍රීමත් තිළිණ චාමර මදුනෙත් ගුලවිට මහතාට විශිෂ්ට නායකත්ව සහ ව්‍යවසාය දැක්ම අගයමින් 2024 සඳහා වන ආසියානු ජාතික ව්‍යවසාය විශිෂ්ටතා සම්මානය පිරිනැමිණි.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට ප්‍රමුඛ දායකත්වයක් දක්වා ඇති එම ආයතනය විදේශ අධ්‍යාපන අංශය යටතේ ස්වර්ණසිංහ ජාතික සම්මානයෙන්ද, Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී සේවා විශිෂ්ටතා සම්මානයෙන්ද පිදුම් ලැබුවේ ආයතනය ආරම්භයේ සිටම ලාංකික සිසුන්ට සිදු කළ විශිෂ්ට සේවය නිසාය.
Datatech Lanka ජපන් භාෂා පාසල, ජපන් භාෂා අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙන්ම සංස්කෘතික හුවමාරු ක්ෂේත්‍රයේද විශ්වාසනීය සන්නාමයක් වී ඇත. Datatech ආයතනය මීට පෙරද තත්ව සහතික සහ සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.
Datatech සමාගමට විශිෂ්ටතා සම්මාන දෙකක්