IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


Dearo Venture Capital නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරමින් ලංකාවේ ආර්ථික වර්ධනයට නව දැක්මක් ඉදිරිපත් කරයි

Dearo Venture Capital Ltd සිය නව අධ්‍යක්ෂ මණ්ඩලය නිල වශයෙන් පත් කළ බව ඉකුත්දා නිවේදනය කළේය.

ඒ අනුව Dearo Venture Capital Ltd හි නව අධ්‍යක්ෂ මණ්ඩලය, කේ.එම්.එම්. ජබීර් (සභාපති සහ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ), නීල් බෝගහලන්ද (ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ), ලලිත් ප්‍රනාන්දු (ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ), මුදිත වැලිහිඳ (ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ), ෂහීනා මොහොමඩ් (ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ), ප්‍රසන්න රණසිංහ (විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී) යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විතය.

නව අධ්‍යක්ෂ මණ්ඩලය මූල්‍ය, බැංකුකරණය, ආයතනික පාලනය, අවදානම් කළමනාකරණය, තොරතුරු තාක්ෂණය, අනුකූලතා කළමනාකරණය සහ මානව සම්පත් කළමනාකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල පුළුල් වෘත්තීය අත්දැකීම්වලින් සමන්විත වේ.

මෙම පුළුල් අත්දැකීම් සහ විශේෂඥ දැනුම හරහා Dearo Venture Capital Ltd හි ආයතනික පාලනය තවදුරටත් ශක්තිමත් කරමින්, ව්‍යවසායකයන් සවිබල ගැන්වීම, ව්‍යාපාර වර්ධනයට සහාය වීම, රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වීම සඳහා ශක්තිමත් උපායමාර්ගික නායකත්වයක් ලබාදීමට අපේක්ෂා කෙරේ.

පසුගිය වසර හතරක කාලය තුළ Dearo Venture Capital Ltd සැලකිය යුතු වර්ධනයක් අත්කරගෙන ඇති අතර, මේ වන විට ලංකාව පුරා පිහිටි ශාඛා 25ක් හරහා ගනුදෙනුකරුවන් 25,000කට අධික සංඛ්‍යාවකට සේවා සපයයි. සමාගම කාර්ය මණ්ඩල සාමාජිකයන් 350කට අධික පිරිසකින් සමන්විත වන අතර, රුපියල් බිලියන 5කට අධික වත්කම් පදනමක් ගොඩනගාගෙන ඇත.

සංචාරක, කෘෂිකර්ම, ධීවර, නිෂ්පාදන, වෙළෙඳ, අධ්‍යාපන, ඉංජිනේරු සහ සේවා යන ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍රවල ව්‍යාපාර සඳහා සහාය ලබාදීම සමාගමේ ප්‍රධාන අවධානයක් වන අතර, රට පුරා ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වර්ධනයටද සමාගම විශේෂ අවධානයක් යොමු කරයි.

නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් Dearo Venture Capital Ltd හි විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසන්න රණසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“මෙම ගෞරවනීය අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීම Dearo Venture Capital Ltd හි ඉදිරි ගමනේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස අපි දකිනවා. ඔවුන් සතු පුළුල් අත්දැකීම්, වෘත්තීය දැනුම සහ උපායමාර්ගික දැක්ම අපගේ ආයතනික පාලනය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ලංකාවේ විශ්වාසදායක සහ බලපෑම් සහිත ව්‍යාපාර ප්‍රාග්ධන ආයතනයක් බවට පත්වීමේ අපගේ දිගුකාලීන දැක්ම සාක්ෂාත් කර ගැනීමටත් මහත් ශක්තියක් වනු ඇත.

ආයෝජකයන් සඳහා තිරසාර ධනයක් නිර්මාණය කිරීම, ව්‍යවසායකයන් සවිබල ගැන්වීම, නැගී එන කර්මාන්ත සඳහා සහාය වීම සහ ලංකාවේ ආර්ථික සංවර්ධනයට අර්ථවත් දායකත්වයක් ලබාදීම සඳහා අපි එක්ව කැපවී සිටිනවා. ලංකාවේ අනාගතය ව්‍යවසායකත්වය, නවෝත්පාදනය සහ වගකීම් සහගත ආයෝජනය මත ගොඩනැගෙනු ඇති බව අපි විශ්වාස කරනවා. මෙම ශක්තිමත් කළ අධ්‍යක්ෂ මණ්ඩලය එම අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත.”

ආයතනික පාලනය, විනිවිදභාවය, වගවීම සහ ආයෝජක විශ්වාසය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, ආයෝජන ප්‍රාග්ධනය සහ ව්‍යවසායක අවස්ථා සම්බන්ධ කරමින් ලංකාවේ නව පරපුරේ ව්‍යාපාර සඳහා සහාය ලබාදීමට Dearo Venture Capital Ltd ඉදිරියටත් කැපවී සිටී.



අදහස් (0)

Dearo Venture Capital නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරමින් ලංකාවේ ආර්ථික වර්ධනයට නව දැක්මක් ඉදිරිපත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site