
Dialog Finance PLC හි ව්‍යාපාරික නිලධාරිනී, සචිනි ද සිල්වා මෙනෙවිය සහD Samson & Sons Pvt Ltd හි සාමාන්‍යාධිකාරී ප්‍රදිප් සමරතුංග මහතා ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, Dialog Pay හරහා මෙරට ජනතාවගේ ජීවිතවලට ඩිජිටල් ගෙවීමේ ක්‍රම තව තවත් සමීප කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස, දිවයිනේ ප්‍රමුඛතම පාවහන් සහ පාරිභෝගිකයන් ප්‍රිය කරන ජීවන රටාවට අවශ්‍ය භාණ්ඩ පිරිනමන සන්නාමයක් වන DSI හා එක්ව, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට පහසුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව සලසා ඇති බව දැනුම් දෙයි. ඒ අනුව දැන් පාරිභෝගිකයන්ට, DSI ප්රදර්ශනාගාර 260 කට අධික ගණනකදී, Dialog Pay හරහා ආරක්ෂිතව හා පහසුවෙන් LankaQR ගෙවීම් සිදුකළ හැකි අතර, එලෙස සිදුකරන සෑම ගනුදෙනුවක් සඳහාම නොමිලේ Dialog Data වාසිද ඔවුන්ට හිමිකර ගත හැක.
පාරිභෝගිකයන්ට දැන් DSI වෙතින් මිලදී ගන්නා, විවිධ විලාසිතාවේ නවතම කාන්තා, පිරිමි සහ ළමා පාවහන් සහ දෙස් විදෙස් සන්නාම රැසක නිෂ්පාදන සඳහා ගණනාවක් සඳහා Dialog Pay භාවිත කර ගෙවීම් සිදුකළ හැක. ඒ අනුව, Puma, U.S. Polo Assn., Von Wellx, Modare සහ Vizzano ඇතුළු ලොව සුප්‍රකට සන්නාම රැසක ශ්‍රී ලාංකීය බලයලත් වෙළෙඳ සහකරු ලෙසින් DSI , මෙලෙස Dialog Pay වෙළෙඳ පද්ධතිය සමග අත්වැල් බැඳගනිමින්, දිවයින පුරා තම පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරගනියි.
මෙම සුවිශේෂී සහයෝගිතාව පිළිබඳව අදහස් දක්වමින් D Samson & Sons Pvt Ltd හි සාමාන්‍යාධිකාරී, ප්‍රදීප් සමරතුංග මහතා මෙසේ සඳහන් කළේය. DSI අප, පරම්පරා ගණනාවක් තිස්සේම ශ්‍රී ලංකීය පාරිභෝගිකයන් සමග අත්වැල් බැඳගනිමින් ප්‍රගතිය උදෙසා කැප වී සිටින්නේ, පාරිභෝගිකයන්ගේ හුරුපුරුදු ජීවන රටාවට සහ නිෂ්පාදන මිලදීගැනීම්වලට ගැළපෙන පරිදි, ඔවුන් අපේක්ෂා කරන ගුණාත්මක නිෂ්පාදන පිරිනමමින්, සුරක්ෂිත තෝරාගැනීම් සඳහා අවස්ථාව සැලසීමටයි. Dialog Pay සමග අපි ඇති කරගත් මෙම සහයෝගිතාව එම වර්ධනයේම තවත් පියවරක්. එමගින්, අපගේ ඩිජිටල් වෙළෙඳ අත්දැකීම සුවිශාල වශයෙන් පහසු කරමින්, පාරිභෝගිකයන්ට වාසිද හිමිකර ගනිමින් ගෙවීම් කිරීමට ප්‍රයෝජනවත් ක්‍රමවේදයක් ලබාදෙනවා. ඩිජිටල් ගෙවීම් වැඩි වැඩියෙන් භාවිත කිරීමට පාරිභෝගිකයන් දිරිගන්වමින්, ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ඩිජිටල් ආර්ථිකයට දායක වීමට ඩයලොග් සමග එක්වීමට ලැබීමත් අපට සතුටට කාරණයක්.”
MyDialog App සමග ඒකාබද්ධ කර ඇති Dialog Pay මගින් ශ්‍රී ලංකාවේ දුරකතන සේවා, බැංකු කටයුතු හා අනෙකුත් ගෙවීම් එක්කරමින්, සෑම ශ්‍රී ලාංකිකයකුගේම ඩිජිටල් ගෙවිම් සරල හා පහසු මෙන්ම ඔවුන්ට වාසිද හිමි ගනුදෙනු බවට පත් කිරීම ඩයලොග් හි අරමුණයි. පාරිභෝගිකයන්ට දැන් Dialog Pay App සහ MyDialog App හරහා තම eZ Cash ගිණුම භාවිත කර හෝ තමන් කැමැති බැංකු ගිණුමක් ඊට එක් කිරීම මගින්, ඉතා පහසුවෙන් LankaQR භාවිත කළ හැක. එමගින්, LankaQR හරහා මුදල් ගෙවීමද, වෙනත් ගිණුමකට මුදල් යැවීමද පහසුවෙන්ම කළ හැකි වේ. එමෙන්ම, ඉතුරුම් ගිණුම් සහ ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කිරීමේ පහසුවත් මෙමගින් සලසා දී ඇති අතර, Dialog Financeමගින් ණය පහසුකම් ලබාගැනීමටද මෙය භාවිත කළ හැක.
Dialog Pay සමගින් ඩිජිටල් වෙළෙඳ ගනුදෙනුවලට DSI එක්වෙයි