×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
Disrupt Asia - 2026‘ උළෙල පැවැත්වීමට කැබිනට් අනුමැතිය
කතෘ මණ්ඩලය 2026 සැප්තැම්බර් මස 16
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
ව්‍යාපාර ආරම්භක තරගාවලියක්, විවිධ සෝමා යටතේ ප්‍රධාන සැසි, ප්‍රදර්ශනයක්, ජාලගත වීමේ උත්සවයක් සහ වෙනත් අනුබද්ධ වැඩසටහන් රැසක්
නිමල කොඩිතුවක්කු
Disrupt Asia - 2026‘ තාක්ෂණ සමුළුව සහ නවෝත්පාදන උළෙල පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංගය සහ GovTech Sri Lanka (Pvt) Ltd. විසින් ‘Disrupt Asia - 2026’ යනුවෙන් ජාතික තාක්ෂණ සමුළුවක් සහ නවෝත්පාදන උළෙලක් පැවැත්වීමට සැලසුම් කරනු ලැබ ඇත. ව්‍යාපාර ආරම්භක තරගාවලියක්, විවිධ සෝමා යටතේ ප්‍රධාන සැසි, ප්‍රදර්ශනයක්, ජාලගත වීමේ උත්සවයක් සහ වෙනත් අනුබද්ධ වැඩසටහන් ඇතුළත් දෙදින වැඩසටහනක් වශයෙන් එම සමුළුව සහ උළෙල පැවැත්වීමට අපේක්ෂා කරනු ලබයි.
ඒ සඳහා අමාත්‍යාංශ, රජයේ ආයතන, පෞද්ගලික අංශය, කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්, ශාස්ත්‍රීය ක්ෂේත්‍රය, සංවර්ධන හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන ඇතුළු ප්‍රධාන පාර්ශ්වකරුවන් රැසක් සහභාගි වීමට නියමිතය.
‘Disrupt Asia - 2026’ සමුළුව සහ උළෙල පැවැත්වීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපායමාර්ගික හවුල්කරුවකු වශයෙන් කටයුතු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් සිය කැමැත්ත සහ සුදානම ප්‍රකාශ කර ඇත.
ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා කාර්යාලය උපායමාර්ගික හවුල්කරුවකු ලෙස සම්බන්ධ කර ගනිමින් Disrupt Asia - 2026’ ජාතික තාක්ෂණ සමුළුව සහ නවෝත්පාදන උළෙල පැවැත්වීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
අදහස් (0)
Disrupt Asia - 2026‘ උළෙල පැවැත්වීමට කැබිනට් අනුමැතිය
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
Disrupt Asia - 2026‘ උළෙල පැවැත්වීමට කැබිනට් අනුමැතිය