IMG-LOGO

2026 නොවැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


EPF සතු ACL කේබල්ස් කොටස සියයට 10ක් දක්වා ඉහළට

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ACL කේබල්ස් පීඑල්සී සමාගම තුළ සේවක අර්ථසාධක අරමුදල (EPF) සතු කොටස් හිමිකම, පසුගිය සැප්තැම්බර් 30 වැනිදා වන විට කොටස් 71,872,416 ක් දක්වා ඉහළ නැංවී තිබෙන බව එම සමාගම පවසයි. ඒ අනුව මෙය සමස්ත කොටස් අතරින් සියයට 10ක ප්‍රතිශතයකි. 

ඊයේ (02) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් ACL කේබල්ස් පීඑල්සී මේ බව අනාවරණය කර තිබේ. 

මේ අතර පසුගිය ජූනි 30 වැනිදා වනවිට එම කොටස් හිමිකම, කොටස් 68,858,834ක් ලෙස පැවැති අතර, එය සමස්ත කොටස් අතරින් සියයට 9.6ක ප්‍රතිශතයක් විය.

 



අදහස් (0)

EPF සතු ACL කේබල්ස් කොටස සියයට 10ක් දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site