IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


Fitch Ratings ලංකා බැංකුවේ තත්වය ඉහළ දමයි

භානුක අමරසිංහ


ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings ආයතනය ලංකා බැංකුවේ දිගුකාලීන විදේශ සහ දේශීය මුදල් නිකුත්කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම (IDRs) CCC මට්ටමේ සිට CCC+ දක්වා ඉහළ නංවා ඇතැයි පවසයි. 

එසේම එම ආයතනය මගින් ලංකා බැංකුවේ ශක්‍යතා ශ්‍රේණිගත කිරීමද (VR) CCC- මටටමේ සිට CCC+ දක්වා ඉහළ නංවා තිබේ. මීට අමතරව ලංකා බැංකුවේ කෙටි කාලීන මුදල් නිකුත්කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත මට්ටම C ලෙසටත්, රජය වෙත දක්වන සහයෝගයේ ශ්‍රේණිගත කිරීම (GSR) තත්වය ns ලෙසත් නම් කර තිබේ. Fitch Ratings ආයතනය පසුගිය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් මුදල් නිකුත් කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම RD මට්ටමේ සිට CCC+ දක්වා ඉහළ දැමීමට ගත් පියවරෙන් පසුව ලංකා බැංකුව සම්බන්ධයෙන් මෙම ශ්‍රේණිගත මට්ටම ඉහළ නංවා තිබේ. 



අදහස් (0)

Fitch Ratings ලංකා බැංකුවේ තත්වය ඉහළ දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site