HNB ඇෂුවරන්ස් PLC (HNBA) නවතම LMD 100 ශ්‍රේණිගත කිරීම්වල සැලකිය යුතු ප්‍රගතියක් සනිටුහන් කරමින් ශ්‍රේණි 13කින් ඉහළ ගොස්, 64 වැනි ස්ථානය හිමි කරගෙන ඇත. මෙමගින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගමක් ලෙස වන තම ප්‍රතිරූපය HNB ඇෂුවරන්ස් නැවතත් තහවුරු කරගෙන තිබේ. පසුගිය වසර කිහිපය තුළ HNB ඇෂුවරන්ස් තම අරමුණ තුළ ශක්තිමත්, නැණවත් සහ වඩාත් ඒකාබද්ධ වී ඇති අතර, මුහුණ දෙන්නට සිදු වන අභියෝග, ප්‍රගතිය සඳහා වන අනගි අවස්ථා බවට පෙරළමින් සිය මෙහෙයුම්වල සෑම අංශයක්ම වඩාත් කාර්යක්ෂම කරන්නට ද සමත් වී ඇත.
LMD 100 ශ්‍රේණිගත කිරීම වනාහි ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත ප්‍රසිද්ධ සමාගම්වල මූල්‍ය ක්‍රියාකාරිත්වය වාර්ෂිකව ඇගැයීමට ලක් කරන ප්‍රකට ශ්‍රේණිගත කිරීමකි. 2026 වන විට සියයට 10ක වෙළෙඳපොළ කොටසක් අත්කරගැනීමේ අභිලාෂ පිරි ගමනේ පූර්ව අත්‍යන්ත අදියරට ලැබුවා වූ 2025 වසර මුල පුරන හෙයින්, මෙම වසර ආරම්භයෙහි සිටම පසුගිය වසර කිහිපය තුළ පවත්වාගෙන ආ වර්ධන ගම්‍යතාව වඩාත් ක්‍රමානුකූලව උපයෝගි කරගැනීමට HNB ඇෂුවරන්ස් සැලසුම් කරමින් සිටියි. ඉහත ඉලක්කය ක්‍ෂේත්‍රයේ පුරෝගාමියකු ලෙස තම ප්‍රතිරූපය තහවුරු කරගැනීම, එය වැඩිදියුණු කිරීම සහ ඒ සඳහා නිසි ලෙස ස්ථානගත වීම අරමුණු කරගත්තකි.
සමාගම අත් කරගෙන ඇති ශ්‍රේණිගත කිරීම ගැන අදහස් දැක්වූ HNB ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලසිත විමලරත්න මහතා මෙසේ පැවැසීය. “LMD 100 ශ්‍රේණිගත කිරීම මගින් අපගේ විශිෂ්ට කණ්ඩායමේ සාමූහික ප්‍රයත්න මෙන්ම අපගේ ගනුදෙනුකරුවන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබිඹු වෙයි. මේ අනුව අපගේ මූලික ව්‍යාපාරය ශක්තිමත් කිරීමට නවෝත්පාදන ආදේශ කරගැනීමට සහ අපගේ සියලුම පාර්ශ්වකරුවන්ට තිරසර අගයක් ලබා දීමට HNB ඇෂුවරන්ස් කැපවී සිටියි.
පසුගිය 2024 වසරෙහි තුන්වැනි කාර්තුව අවසන් වන විට රක්ෂණ ක්‍ෂේත්‍රයේ සාමාන්‍යයට වඩා බෙහෙවින් ඉහළ වර්ධනයක් අපි අත්කරගත්තෙමු. එය 2022 සිට අප අඛණ්ඩව පවත්වාගෙන යන කැපී පෙනෙන ජයග්‍රහණයකි. මෙම සාර්ථකත්වයට හේතු වී ඇත්තේ උපදේශක බෙදාහැරීමේ සහ හවුල්කාරිත්ව ජාල දෙකෙහිම අපගේ අලෙවි බළකාය ප්‍රදර්ශනය කළ සුවිශේෂි උත්සාහය සහ අපගේ සියලුම කණ්ඩායම්වල සහයෝගිතාවයි. එමෙන්ම 2026 වසරේ සියයට 10ක ප්‍රගතියක් අත්කරගැනීමේ අපගේ දැක්ම හුදෙක් වචනයට පමණක් සීමා නොවූ බවත්, ජීවිත වඩාත් සුබදායක ලෙස වෙනස් කිරීමට, ප්‍රජාව නගාසිටුවීමට සහ ක්‍ෂේත්‍රයේ නව මිණුම් දර්ශක සම්පාදනය කිරීමේ අපගේ පුළුල් අභිලාෂය සනිටුහන් කරන්නක් බවත් මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුයි.
HNB ඇෂුවරන්ස් LMD 100 ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 13ක් ඉහළට