IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


HNB බංග්ලාදේශයේ Bank Alfalah අත්පත් කරගැනීම අත්හරී

භානුක අමරසිංහ


මෙරට ක්‍රියාත්මක බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව බංග්ලාදේශයේ Bank Alfalah හි මෙහෙයුම් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් වන කටයුතු අත්හැර දැමීමට තීරණය කළ බව පවසයි. පසුගිය අප්‍රේල් 02 වැනිදා රැස් වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විශේෂ හමුවකදී මෙම තීරණය ගෙන තිබේ. 

මේ සම්බන්ධයෙන් ලංකාදීප FT වෙත අදහස් දැක්වූ හැටන් නැෂනල් බැංකුවේ ප්‍රකාශකයකු, බංග්ලාදේශයේ දේශපාලන අස්ථාවරත්වයත් සමගින්ම උද්ගතව ඇති වර්තමාන ආර්ථික අස්ථාවරත්වය බැංකුවේ මෙම තීරණයට හේතුව වූ බව පවසා සිටියේය. හැටන් නැෂනල් බැංකුව මෙම Bank Alfalah අත්පත් කරගැනීම සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු මාසයේදී පළමුවරට අනාවරණය කළේය.



අදහස් (0)

HNB බංග්ලාදේශයේ Bank Alfalah අත්පත් කරගැනීම අත්හරී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site