IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


Havelock City සුඛෝපභෝගී නිවාස මිලදී ගැනීමට අමානා බැංකුවෙන් මූල්‍ය පහසුකම්

අමානා බැංකුව සහ Havelock City එක් වී පසුගියදා මහනුවර ප්‍රදේශයේ පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කළේ ය. එහිදී Havelock City නිවාස සංකීර්ණයේ සුඛෝපභෝගී නිවාස මෙන්ම ඒවා මිලදී ගැනීම සඳහා අමානා බැංකුව වෙතින් ලබාගත හැකි මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් එම ජනතාව දැනුවත් කරන ලදි. 

Havelock City නිවාස සංකීර්ණයේ දේපළ සංවර්ධන සමාගම වන Mireka Homes (පුද්.) සමාගම සහ අමානා බැංකුව අතර ඇතිකරගෙන ඇති හවුල්කාරීත්වයේ එක් අදියරක් වශයෙන් මෙම වැඩසටහන පවත්වන ලද අතර, අමනා බැංකුවේ මූල්‍ය පහසුකම් සමගින් පාරිභෝගිකයන් සඳහා කොළඹ නගරයේ සුඛෝපභෝගී නිවාස මිලදී ගැනීමට අවස්ථාව උදාකර දීම මෙහි මූලික අරමුණ විය. 

අමානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ හා අලෙවිකරණ) සිද්දීක් අක්බාර්, එම බැංකුවේ පාරිභෝගික මූල්‍ය ප්‍රධානී රියාස් නූර්, හවුල්කාරීත්ව සම්බන්ධතා සහකාර නිලධාරිනී හර්ෂිනී මෝහන් සහ Mireka Homes (පුද්.) සමාගමේ සාමාන්‍යාධිකාරී (විකුණුම්) නිරූපා පීරිස් යන මහත්ම මහත්මීහු ප්‍රමුඛ දෙපාර්ශ්වය නියෝජනය කළ තවත් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. වැඩසටහනට සහභාගී වූවන්ට අමානා බැංකුවේ මූල්‍ය පහසුකම් පිළිබඳව පූර්ණ මගපෙන්වීමක් ලබාදෙන ලද අතර, එහිදී දින 3 ක් ඇතුළත අනුමැතිය හිමි වන කඩිනම් ක්‍රමවේදය මෙන්ම තම ආදායම් මට්ටම් අනුව සැලසුම් කරගත හැකි නම්‍යශීලී ආපසු ගෙවීමේ ක්‍රමවේද ආදිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු විය. 

 



අදහස් (0)

Havelock City සුඛෝපභෝගී නිවාස මිලදී ගැනීමට අමානා බැංකුවෙන් මූල්‍ය පහසුකම්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site