IMG-LOGO

2026 නොවැම්බර් මස 20 වන සිකුරාදා


IEEEXtreme 2026 ජාත්‍යන්තර තරගාවලියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ දෙවැනි ස්ථාන NSBM පරිගණක පීඨ කණ්ඩායම් දිනා ගනී

NSBM හරිත විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය නියෝජනය කළ කණ්ඩායම් දෙකක් IEEEXtreme  2026 ජාත්‍යන්තර තරගාවලියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ දෙවැනි ස්ථාන හිමි කර ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත්ව ඇත. 

තරගාවලියට එක්වූ ශ්‍රී ලාංකික කණ්ඩායම් අතරින් ඉහළම ශ්‍රේණිගත කිරීම් ලබා ගත් ඔවුහු ලෝක මට්ටමින් 61 වැනි සහ 62 වැනි ස්ථාන හිමිකර ගත්හ. තවදුරටත් කැපී පෙනෙන ජයග්‍රහණයක් සනිටුහන් කරමින් NSBM  පරිගණක පීඨ කණ්ඩායම් හයක් ශ්‍රී ලංකාවේ හොඳම කණ්ඩායම් 11 අතරට ද, ලෝකයේ හොඳම කණ්ඩායම් 146 අතරට ද එක්වීම විශේෂත්වයකි.

IEEEXtreme  යනු IEEE (Electrical and Electronics Engineers) ආයතනය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර පරිගණක වැඩසටහන්කරණ තරගාවලියකි. මෙහිදී ලොව පුරා විශ්වවිද්‍යාල නියෝජනය කරමින් උපාධි අපේක්ෂක හා පශ්චාත් උපාධි අපේක්ෂක සිසුන් එක්ව පැය 24 ක සීමිත කාලයක් තුළ සංකීර්ණ පරිගණක වැඩසටහන්කරණ සඳහා විසඳුම් ඉදිරිපත් කරමින් තරඟ වදී. සහභාගී වන්නන්ගේ වැඩසටහන්කරණ දැනුම, තාර්කික චින්තනය, ගැටලු‍ විසඳීමේ හැකියාව සහ අභියෝගාත්මක තත්ව යටතේ කාර්යක්ෂමව කටයුතු කිරීමේ හැකියාව මෙහිදී ඇගයීමට ලක් වේ. 

NSBM පරිගණක පීඨයේ සිසුන්ගේ අද්විතීය තාක්ෂණික නිපුණතාව සහ සහයෝගීතාව මැනවින් පිළිබිඹු කරන අතර, ප්‍රායෝගික දැනුමෙන් හා සංකීර්ණ ගැටලු‍ විසඳීමේ හැකියාවෙන් යුත් උපාධිධාරීන් බිහිකිරීම සඳහා පරිගණක පීඨය දරන අඛණ්ඩ කැපවීම ද මනාව විදහා දක්වයි.



අදහස් (0)

IEEEXtreme 2026 ජාත්‍යන්තර තරගාවලියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ දෙවැනි ස්ථාන NSBM පරිගණක පීඨ කණ්ඩායම් දිනා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site