IMG-LOGO

2026 නොවැම්බර් මස 20 වන සිකුරාදා


INSEE Industry Connect 2026:

ලංකාවේ ඉදිකිරීම් සහ යටිතල පහසුකම් ක්ෂේත්‍ර නව යුගයකට පා තබමින් සිටින මොහොතක, දිවයිනේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ පාර්ශවකරුවන් සියලු‍ දෙනා එකමුතු කරමින් INSEE  සමාගම විසින් “INSEE Industry Connect 2026”‍ නමින් නව ආරක සහයෝගීතා වැඩසටහනක් දියත් කරන ලද අතර, මෙම උත්සවය 2026 ඔක්තෝබර් 21 වන දින කොළඹ Cinnamon Life හිදී පැවැත්විණි.
මෙරට ආර්ථිකය තුළ ඇති වී තිබෙන නව පිබිදීම සහ යටිතල පහසුකම් සංවර්ධනයත් සමග ඉදිකිරීම් ක්ෂේත්‍රයට නව අවස්ථා රැසක් නිර්මාණය වී ඇති බව පැහැදිලිවම පෙනෙන්නට ඇති කරුණකි. එමෙන්ම, වඩාත් බුද්ධිමත්ව, කාර්යක්ෂමව සහ තිරසර අයුරින් ඉදිකිරීම් කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාව ද දැන් දැන් ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙමින් ඇති මාතෘකාවකි. ලෝක මට්ටමින් සිදුවන නව තාක්ෂණික දියුණුව, පාරිභෝගික බලාපොරොත්තුවල වෙනස්වීම් සහ පාරිසරික වගකීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු වීම නිසා ක්ෂේත්‍රයේ සියලු‍ දෙනා එක්ව සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම තවත් වැඩි වී තිබේ. 
“Innovate. Integrate. Impact. යන තේමාව ඔස්සේ පැවැත්වුණු “INSEE Industry Connect 2026” වැඩසටහන, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ට අදහස් හුවමාරු කර ගැනීමටත්, සහයෝගයෙන් කටයුතු කිරීමටත් නිර්මාණය වූ හොඳම වේදිකාවක් සේ සැලකිය හැකිය. මෙම අවස්ථාවට ඉදිකිරීම් නිෂ්පාදන පාරිභෝගිකයන්, කොන්ත්‍රාත්කරුවන්, රෙඩි මික්ස් කොන්ක්‍රීට් පාරිභෝගිකයන්, ගෘහනිර්මාණ ශිල්පීන්, උපදේශකයන්, තාක්ෂණික සැපයුම්කරුවන්, රජයේ ඉංජිනේරුවන්, ආයතනික ව්‍යාපෘති කළමනාකරුවන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විශාල පිරිසක් එක්වී සිටියහ. 
ඉදිරි පරම්පරාවල යහපැවැත්ම උදෙසා තිරසර වටිනාකම් නිර්මාණය කරන අතරම, ශක්තිමත් සහ තිරසර යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු සියලු‍ පාර්ශව අතර වඩාත් සමීප සහයෝගිතාවක් ඇති කිරීමට උනන්දු කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. එමෙන්ම ලංකාවේ අනාගතය ගොඩනැගීමේ INSEE පොරොන්දුවත්, ඒ වෙනුවෙන් සන්නාමය ඉටු කරන අප්‍රතිහත කැපවීම ද මෙම වෑයමෙන් නැවත වරක් තහවුරු විය. 
වැඩසටහනේ ප්‍රධාන දේශනය පවත්වමින් INSEE සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු තුසිත් ගුණවර්ණසූරිය මහතා මෙසේ පැවසීය. “ඉහළ ඵලදායිතාව, නවීන ද්‍රව්‍ය භාවිතය, ඩිජිටල් තාක්ෂණය සහ වඩාත් ශක්තිමත් සහයෝගිතාවෙන් ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයේ ඊළඟ අදියර සඳහා සූදානම් කිරීම ඉතාමත් කාලෝචිත වැඩපිළිවෙළක් ලෙස අප දකිනවා. ලංකාව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව යුගයකට පා තබමින් සිටින මේ මොහොතේ එහි වර්ධනය වෙනුවෙන් වඩාත් බුද්ධිමත්ව ඉදිකිරීම් කටයුතු සිදු කිරීම අත්‍යවශ්‍යයි. තාක්ෂණයට පමණක්ම මෙම ක්ෂේත්‍රය වෙනස් කළ නොහැකියි. ඒ සඳහා විධිමත් ක්‍රමවේද, මානව සම්පත සහ හවුල්කාරිත්ව ද එකට එක්විය යුතුමයි. මේ එකමුතුවෙන් ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අනාගතය ඵලදායී අයුරින් හැඩගස්වා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව අප හොඳින්ම විශ්වාසයි.”‍



අදහස් (0)

INSEE Industry Connect 2026:

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site