IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


INSEE Supplier Excellence Awards 2026 සම්මාන උළෙලේදී සැපයුම්කරුවන් ඇගයීමට ලක් කරයි


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වූ INSEE සමාගම, සිය සැපයුම්කරුවන් අගයනු වස් වාර්ෂිකව පවත්වනු ලබන INSEE සැපයුම්කරු විශිෂ්ටතා සම්මාන උළෙල (INSEE Supplier Excellence Awards 2026) පසුගිය දා මීගමුවේ Grandeeza හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද අතර, මෙවර උළෙලේ තේමාව වූයේ “සීමාවෙන් එහා ගිය හවුල්කාරිත්වය”‍ යන්නයි. 

මෙම උත්සවයේදී INSEE සමාගම සමග අඛණ්ඩව කටයුතු කරන, විශිෂ්ට දස්කම් දැක්වූ සහ සහයෝගය දුන් ප්‍රමුඛ පෙළේ සැපයුම්කරුවන් සහ ව්‍යාපාරික හවුල්කරුවන් රැසක් අගයමින් සම්මාන පිරිනැමීම සිදු කෙරිණ. 

සැපයුම්කරුවන්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ INSEE සේවකයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවය, විශිෂ්ටත්වය, සහයෝගීතාව සහ හවුල්කාරීත්වයෙන් ලැබූ සාර්ථකත්වය සැමරීම වෙනුවෙන් වූ සුවිශේෂී ඉසව්වක් විය. මෙහිදී නිෂ්පාදන සේවා, සාමාන්‍ය පරිපාලන සේවා, සැපයුම් දාම, ප්‍රවාහන සහ ද්‍රව්‍ය හැසිරවීම (Material handling) යන අංශ යටතේ මහා පරිමාණ, මධ්‍ය පරිමාණ සහ කුඩා පරිමාණ සැපයුම්කරු කාණ්ඩ සඳහා සම්මාන ප්‍රදානය කරන ලදී.

සැපයුම්කරු සම්මාන 25ක් සහ සේවක සම්මාන 6ක් ද ඇතුළුව විශිෂ්ටතා සම්මාන 31ක් ප්‍රදානය කරන ලදී. මෙහිදී සැපයුම්කරුවන් සඳහා රන්, රිදී සහ ලෝකඩ කාර්යසාධන විශිෂ්ටතා සම්මාන හිමි වූ අතර, නව්‍යකරණය, අගය එකතු කිරීම, ආරක්‍ෂාව සහ තිරසරභාවය යන අංශවලින් දස්කම් දැක්වූවන් විශේෂ විශිෂ්ටතා සම්මාන මගින් ඇගයීමට ලක් කෙරිණි. මීට අමතරව, හොඳම අධීක්ෂක සහ හොඳම භාරකරු සම්මාන අංශ යටතේ INSEE සේවකයන් ද ඇගයීමට ලක් කෙරිණ. 

INSEE ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු තුසිත් ගුණවර්ණසූරිය මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. “සැපයුම්කරු විශිෂ්ටතා සම්මාන උළෙල යනු, අපගේ දෛනික මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට සහයෝගය ලබා දෙන හවුල්කරුවන් අගය කිරීම වෙනුවෙන් පැවැත්වෙන සුවිශේෂී ඉසව්වක්. ශක්තිමත් සැපයුම්කරු සබඳතා, අපගේ ගනුදෙනුකරුවන්ට ලබා දෙන විශ්වසනීයත්වය සහ ගුණාත්මකභාවය පිළිබඳ මනා තහවුරුවක්. ඒ වගේම මේ තුළින් ලංකාව තුළ වඩාත් ශක්තිමත් හා වගකීම් සහගත ඉදිකිරීම් කර්මාන්තයක් ගොඩනැංවීම සඳහා හොඳ පදනමක් ගොඩනගනවා. මේ වසරේ තේමාව වන ‘සීමාවෙන් එහා ගිය හවුල්කාරිත්වය’ යන්නෙන් නිරූපණය වන්නේද, නිෂ්පාදන සහ සේවා හරහා පමණක් නොව, සහයෝගීතාව සහ විශිෂ්ටත්වය සඳහා වූ හවුල්කාරී කැපවීම හරහා අප එකතු වී නිර්මාණය කරන අඛණ්ඩ වටිනාකම් සමූහයයි.”‍ 

මෙම සම්මාන උළෙලෙන් නිරූපණය වන ප්‍රධාන කරුණක් වන්නේ, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ සැපයුම් දාමයේ ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශක්තිමත් සහ විශ්වාසදායක හවුල්කාරිත්ව ගොඩනැංවීමට INSEE සමාගමේ ඇති කැපවීමයි.



අදහස් (0)

INSEE Supplier Excellence Awards 2026 සම්මාන උළෙලේදී සැපයුම්කරුවන් ඇගයීමට ලක් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site