
INSEE සිමෙන්ති සමාගම, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) සහ කටුබැද්ද ඉංජිනේරු තාක්ෂණික ආයතනය (IETI) සමග පැවති අවබෝධතා ගිවිසුම 2031 දක්වා නැවත දීර්ඝ කරන්නට තීරණය කර ඇත. මේ හරහා ලංකාවේ ප්‍රමුඛතම වෘත්තීය පුහුණු වැඩසටහනක් නොකඩවා පවත්වාගෙන යාමට සියලු පාර්ශවවලට අවස්ථාව හිමි වේ.
මෙම හවුල්කාරිත්වය නැවත දීර්ඝ කිරීමෙන් NAITA සහ IETI ආයතන සමග දිගුකාලීනව කටයුතු කිරීමට INSEE සමාගම තුළ ඇති උනන්දුව හා කැපවීම පෙන්නුම් කෙරේ. එමෙන්ම, අධ්‍යාපනය සහ කර්මාන්ත ක්ෂේත්‍රය අතර පරතරය අවම කිරීම වෙනුවෙන් මෙකී සියලු පාර්ශව තුළ ඇති පොදු අරමුණද මේ තුළින් නැවත වරක් තහවුරු වේ.
මෙම වෘත්තීය පුහුණු වැඩසටහන සිදුකරනු ලබන්නේ NAITA සහ IETIආයතන එක්ව, NSEE Academy හරහා ක්‍රියාත්මක වන INSEE Enterprise-based Vocational Education (EVE) මධ්‍යස්ථානය විසිනි. 2007 වසරේ ආරම්භ වූ මෙම වැඩසටහන, පසුගිය වසර 19 පුරා මෙරට ශ්‍රම බලකාය වර්ධනය කිරීමට දැක්වූ දායකත්වය නිසා, කර්මාන්ත ක්ෂේත්‍රය හා සම්බන්ධ ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා පවත්වාගෙන යනු ලබන අධ්‍යාපනික වැඩසටහන ලෙස ඉහළ ඇගයීමකට ද ලක්ව ඇත.
EVE මධ්‍යස්ථානය හරහා සිසුන් වසර එකහමාරක NVQ 4 වන මට්ටමේ (Level 4) ජාතික වෘත්තීය සුදුසුකම් පාඨමාලාව හදාරනු ලබයි. මෙහිදී පන්ති කාමර ඉගැන්වීම් මෙන්ම INSEE සමාගමේ පුත්තලම සිමෙන්ති කර්මාන්තශාලාව තුළ ප්‍රායෝගික කාර්මික පුහුණුවද ලබාදේ. විදුලි කාර්මික (Electrician) සහ General Fitter යන ක්ෂේත්‍ර යටතේ පැවැත්වෙන මෙම පුහුණුවීම් NAITA උපදේශකයන් සහ INSEE ආයතනයේ පළපුරුදු තාක්ෂණික වෘත්තිකයන් විසින් මෙහෙයවනු ලබයි. එමගින් නිෂ්පාදන සහ ඉංජිනේරු ක්ෂේත්‍රවල රැකියා සඳහා අවශ්‍ය පරිදි සිසුන් ක්ෂේත්‍රයට සූදානම් කරවීම ද සිදු කෙරේ.
මෙම දිගුකාලීන හවුල්කාරිත්වය යටතේ අ.පො.ස. උසස් පෙළ සමත් තරුණ තරුණියන්ට ජාතික මට්ටමේ පිළිගත් තාක්ෂණික සුදුසුකම් මෙන්ම ප්‍රායෝගික කාර්මික අත්දැකීම්ද ලබාදෙයි. 2026 වසරේදී මෙම වැඩසටහන එහි 16වන කණ්ඩායම බඳවාගත් අතර, ඊට විදුලි කාර්මික ක්ෂේත්‍රයේ 12 දෙනකු සහ General Fitter ක්ෂේත්‍රයේ 12 දෙනකු වශයෙන් දැනට සිසුන් 24 දෙනකු පුහුණුව ලබයි.
ආරම්භ කළ දින සිට මේ දක්වා, EVE මධ්‍යස්ථානයෙන් NVQ සුදුසුකම් ලත් උපාධිධාරීන් 260කට වැඩි පිරිසක් බිහි කර ඇත. අධ්‍යාපනය සහ රැකියා ක්ෂේත්‍රය අතර පරතරය අවම කිරීමටත්, ලංකාවේ දක්ෂ තාක්ෂණික ශ්‍රම බලකාය බලගැන්වීමටත් මෙම වැඩසටහන කොතරම් ඉවහල් වී ඇත්ද යන්න මෙම හවුල්කාරිත්වයේ පසුගිය ප්‍රගතිය විමර්ශනය කර බැලීමේදී පැහැදිලි වේ.
INSEE සිමෙන්ති NAITA සහ IETI එක්ව ඇරැඹූ වෘත්තීය පුහුණු හවුල්කාරිත්වය 2031 දක්වා දීර්ඝ කරයි