IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


LANKATILES 61 වැනි ප්‍රදර්ශනාගාරය ගල්කිස්සේදී විවෘත කරයි


ශ්‍රී ලංකාවේ ටයිල් නිර්මාණ ක්ෂේත්‍රයේ දශක පහක ගමනක් සනිටුහන් කරන LANKATILES සිය 61 වැනි ප්‍රදර්ශනාගාරය ගල්කිස්සේදී විවෘත කරමින් පාරිභෝගිකයන් වෙත තවත් සමීප වීමේ සිය ගමනේ නව පියවරක් තැබීය.

අංක 280 A, ගාලු‍ පාර, ගල්කිස්ස යන ස්ථානයේ පිහිටි මෙම නව ප්‍රදර්ශනාගාරය, නිවාස හිමියන්ට මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පීන්, වාස්තු විද්‍යාඥයන්, ගොඩනැගිලි සංවර්ධකයන් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්ටද LANKATILES හි විවිධ නිර්මාණ එකතුවක් සමීපව අත්විඳීමට අවස්ථාව සලසා දෙයි.

නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ගෘහ නිර්මාණ ශිල්පී ජයනාත් සිල්වා මහතා සහභාගී වූ අතර, LANKATILES කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත තල්වත්ත, සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යා, ඉදිකිරීම්, නිර්මාණ සහ ව්‍යාපාරික ක්ෂේත්‍ර නියෝජනය කරන සම්භාවනීය ආරාධිතයෝ රැසක් ද ඊට එක්ව සිටියහ. 

LANKATILES හි නවීන floor සහ walltiles එකතුවලට අමතරව, Premium Double Fired Wall Tiles, විශාල ආකෘතිවලින් නිර්මාණය කෙරෙන Majestica එකතුව, Mosaics by LANKATILES සහ Cool Rooftop Tile ඇතුළු සුවිශේෂී නිෂ්පාදන රැසක් මෙම ප්‍රදර්ශනාගාරයේදී පාරිභෝගිකයන්ට දැකබලා ගැනීමට හැකිය. ගෘහස්ථ අවකාශවල සිට බාහිර හා වාණිජ අවකාශ දක්වා විවිධ අවශ්‍යතා සඳහා ගැළපෙන නිර්මාණ විසඳුම් තෝරා ගැනීමටද අවස්ථාව සලසයි.



අදහස් (0)

LANKATILES 61 වැනි ප්‍රදර්ශනාගාරය ගල්කිස්සේදී විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site