භානුක අමරසිංහ
LOLC සමූහයට අයත් LOLC Finance PLC සමාගම සතුව පැවැති කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් ලිමිටඩ් (CIB) සමාගමෙහි සියයට 40 ක කොටස් හිමිකාරීත්වය විකුණා දැමූ බව එම සමාගම පවසයි. ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් LOLC Finance සමාගම මේ බව අනාවරණ කර තිබේ.
ඒ අනුව පසුගිය මාර්තු 31 වැනිදා රුපියල් 332,880,000 ක මුදලකට මෙම අලෙවිය සිදු කෙරුණු බව සමාගම පවසයි. 1987 වසරේදී ආරම්භ කෙරුණු එම සමාගම පසුගිය වසර 38 පුරා ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරයේ නියැලී තිබේ. සමාගමෙහි ඉතිරි සියයට 60ක කොටස් හිමිකාරීත්වය කොමර්ෂල් බැංකුව වෙත හිමිව තිබේ. මේ අතර කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් ලිමිටඩ් (CIB) සමාගමෙහි වෙබ් අඩවියට අනුව වර්තමානයේදී එම සමාගම කොමර්ෂල් බැංකුවෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් ලෙස නම් කර තිබේ.
LOLC Finance කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් අත්හරී