IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


NCE අපනයන සම්මාන අයැදුම්පත් භාරගැනීම සැප්. 30 දක්වා

අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) මගින් 34 වැනි වසරටත් පවත්වන NCE අපනයන සම්මාන  (NCE Export Awards) සඳහා අයැදුම්පත් ඉදිරිපත් කිරීමට ලබන සැප්තැම්බර් 30 වැනිදා දක්වා අවස්ථාව පවතින බව එම මණ්ඩලය පවසයි. 

මෙවර සම්මාන උළෙල දෙසැම්බර් 11 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබේ. 1996 වසරේදී ආරම්භ කෙරී දශක තුනක් පුරා අඛණ්ඩව පැවැත්වුණු මෙම සම්මාන උළෙල, දුෂ්කර කාලපරිච්ඡේදවල මුහුණ දුන් අභියෝග මධ්‍යයේ වුවත් ශ්‍රී ලාංකික අපනයනකරුවන්ගේ දරාගැනීමේ හැකියාව සහ ඔවුන්ගේ වර්ධනය සැමරීම වෙනුවෙන් සංවිධානය කෙරෙන්නක් බවත් එම මණ්ඩලය පවසයි. 



අදහස් (0)

NCE අපනයන සම්මාන අයැදුම්පත් භාරගැනීම සැප්. 30 දක්වා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site