ජාත්‍යන්තර සූපවේදීන්ගේ දින සැමරුම බල ගැන්වීමට Nestle Professional Sri Lanka ශ්‍රී ලංකා සූපවේදී සංසදය සමඟ පසුගියදා එක් විය. විධායක සූපවේදීන්, විධායක සූපවේදීන් මෙන්ම විධායක පේස්ට්‍රි සූපවේදීන් ඇතුළු 500 දෙනකුගේ සහභාගීත්වයෙන් වෝටර්ස් එජ්හිදී පැවති මෙම උත්සවයට රට පුරා හෝටල් 154ක විශිෂ්ට සූප ශාස්ත්‍ර හැකියාව ඉදිරිපත් කර තිබුණි.
සූප ශාස්ත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකේය විශිෂ්ටත්වය ඇගයීම හා සම්මාන පිරිනැමීම මෙන්ම ශ්‍රී ලංකා සූපවේදී සංසදය සමඟ වන දිගු කාලීන හවුල්කාරීත්වය තව දුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම උත්සවය Nestle Professional සමාගමට සුවිසල් අවස්ථාවක් විය. මෙහිදී නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා වෙත ලංකා සූපවේදීන්ගේ සංගමයේ සදාතනික ගෞරවණීය සාමාජිකත්වය පිරිනැමීමද විශේෂත්වයකි.
මෙවර පවත්වනු ලැබූ ජාත්‍යන්තර සූපවේදී දින සැමරුම අතරතුර ශ්‍රී ලංකා සූපවේදී සංසදය (Chefs Guild of Lanka) හා ශ්‍රී ලංකා සත්කාර සේවා උපාධිධාරී සංගමය (Sri Lanka Hospitality Graduates Association) සමඟ එක්ව Nestle Professional විසින් දීප ව්යාප්ත 2025 Nestle Golden Chef’s Hat තරඟයද දියත් කරන ලදී. සංචාරක කර්මාන්තය තුළ වර්ධනය වෙමින් පවතින සූපශාස්ත්‍ර හැකියාව හඳුනා ගැනීම හා එම හැකියාව වර්ධනය කිරීම මෙම තරඟයේ අරමුණ විය.
මෙම උත්සවය පිළිබඳව අදහස් දැක්වූ නෙස්ලේ ලංකාහි කළමනාකාර අධ්යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා මෙසේ පැවසීය. මෙරට ආර්ථිකයේ සුවිශේෂී සාධකයක් ලෙස සංචාරක කර්මාන්තය සඳහන් කළ හැකියි. අපගේ Nestle Professional තුළින් හිමිකර දෙන ඉහළම තත්වයේ ආහාර පාන විසඳුම් සමඟින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ශ්‍රී ලංකා සූපවේදී සංසදය සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම අප ලද ගෞරවයක් කොට සලකනවා. ශ්‍රී ලංකාවට වඩා හොඳ අනාගතයක් උරුම කර දීමේ නෙස්ලේ ලංකා සමාගමේ කැපවීම පිළිබඳව කදිම සාක්ෂියක් වන සදාකාලික ගෞරවණීය සාමාජිකත්වය මා හට පිරිනැමීම පිළිබඳව ශ්‍රී ලංකා සූපවේදී සංසදයට මගේ ස්තුතිය පුද කිරීමට කැමැතියි.
මේ පිළිබඳව සිය අදහස් එක් කළ ශ්‍රී ලංකා සූපවේදී සංසදයේ :සභාපති සූපවේදී ජෙරාඩ් මෙන්ඩිස් මහතා මෙසේ පැවසීය. ශ්‍රී ලංකා සූපවේදී සංසදය සමඟ අත්වැල් බැඳ ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් වන විවිධ වැඩසටහන් සඳහා නෙස්ලේ ලංකා සහ Nestle Professional Sri Lanka විසින් ලබා දෙන සුවිසල් කැපවීම පිළිබඳව අපගේ හද පිරි ස්තුතිය පුදකර සිටිනවා. මෙම 2025 සූප ශාස්ත්‍ර කලා ආහාර ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීම කෙරෙහි උන්නදුවක් දක්වන එක් අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකියි.
Nestle Professional ජාත්‍යන්තර සූපවේදීන්ගේ දින සැමරුම බලගන්වයි