2024දී ශ්‍රී ලංකාවේ විශිෂ්ටම විභාග ප්‍රතිඵල නිර්මාණය කළ Online අධ්‍යාපන ආයතනයක් ලෙස PassMe අධ්‍යාපන ආයතනය People’s Excellency Awards 2024 සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබීය.
ගුණාත්මක අධ්‍යාපනයට අරුතක් එක් කරමින් වසර 10 ක් ආ ගමනේ කූඨප්‍රාප්තිය ලෙස Pinnacle Awards 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ගණිත ගුරුවරයා ලෙස PassMe පෞද්ගලික සමාගමේ නිර්මාතෘ, ප්‍රවීණ අභිප්‍රේරක දේශක, ලේඛක, ඉංජිනේරු කාවින්ද ඉරෝෂන් සම්මානයට පාත්‍ර විය.
ශ්‍රී ලංකාවේ සහ රටවල් පහක සිටින සිසුන්ට මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදු කරන PassMe අධ්‍යාපන ආයතනය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවත්වන සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග සඳහා දේශීය සිසුන්ටද Edexcel, AQA සහ OCR යන ආයතන පවත්වන විදේශීය විභාග සඳහා විදේශීය සිසුන්ටද ඉගැන්වීම් සිදු කරයි.
PassMe නැවත වරක් සම්මානයට පාත්‍ර වෙයි