Projector.lk නිර්මාතෘ මොහොමඩ් සෆීර් අසීස් ව්‍යාපාර විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වයට කළ කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන් Pride of Sri Lanka හා People’s Excellency සම්මානවලින් පිදුම් ලැබීය. දශකයකට වැඩි පළපුරුද්දක් ඇති ඔහු උසස් තත්වයේ ස්මාර්ට් පුවරු, බහු මාධ්‍ය ප්‍රොජෙක්ටර් සහ ව්‍යාපාර විසඳුම් සපයමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමයක් බවට Projector.lk පත් කර ඇත.
අසීස් යනු නව නිපැයුම්කරුවෙකු සහ පර්යේෂකයකු වන අතර නව තාක්ෂණය සහ නවෝත්පාදන කෙරෙහි අවධානය යොමු කරන්නෙකි. ව්‍යවසායකත්වය සහ තාක්ෂණික දියුණුව සඳහා ඔහුගේ කැපවීම නිසා ඔහුට මෙම සම්මාන ද්විත්වය හිමි විය. ව්‍යාපාරයේ වර්ධනය සඳහා කැප වී සිටින අසීස් එය පුළුල් කිරීමට සහ ඩිජිටල් තාක්ෂණ විසඳුම් හඳුන්වා දීමට පුරෝගාමීව කටයුතු කරයි. තරුණ ව්‍යවසායකයන්ට ඔහුගේ දැක්ම සහ නායකත්වයෙන් ආදර්ශයක් ගත හැකිය. තමන්ගේ සාර්ථකත්වයට දායක වූ විශ්වාසවන්ත පාරිභෝගිකයන්ට ඔහු සිය කෘතඥතාව පළ කළේය.
Projector.lk නිර්මාතෘ සෆීර් අසීස්ට සම්මාන ද්විත්වයක්