ගනුදෙනුකරුවන් වෙනුවෙන් නිරන්තරයෙන්ම උපරිම ප්‍රතිලාභ ලබාදෙන SDB බැංකුව 2025 වසර සඳහා සිය ස්ථාවර තැන්පතු සඳහා ප්‍රවර්ධන වැඩසටහන දියත් කරමින් පස් අවුරුදු ස්ථාවර තැන්පතු සඳහා හොඳම පොලී අනුපාතයක් හඳුන්වාදීමට කටයුතු කර ඇත.
මෙම ප්‍රවර්ධන වැඩසටහන පාරිභෝගිකයන්ට සුරක්ෂිත සහ හොඳම ප්‍රතිලාභ ලබා දෙන ආයෝජනයක් සඳහා දොරටු විවර කරන අතර ඔවුන්ට ඒ හරහා සිය මූල්‍ය ඉලක්ක විශ්වාසයෙන් යුතුව සාර්ථකව සපුරා ගැනීම සඳහා අවස්ථාව උදා වනු ඇත.
මේ විශේෂ ප්‍රවර්ධන සමය තුළ SDB බැංකුව පසු අවුරුදු ස්ථාවර තැන්පතු සැලසුම් සඳහා මාසික පොලිය ලබා ගන්නේ නම් සියයට 9.75 ක වාර්ෂික පොලී අනුපාතයකුත් කල් පිරීමේදී සියයට 13 ක පොලී අනුපාතයකුත් ලබා දෙනු ඇත. ගනුදෙනුකරුවන්ට සිය ආයෝජනයන් සැලකිය යුතු අන්දමින් වර්ධනය කරගැනීමට අවස්ථාව සලසන මෙම අනුපාතයන් වෙනත් බොහෝ ආයතන විසින් ලබා දෙන අනුපාතවලට වඩා ඉහළ වන අතර SDB බැංකුව දීර්ඝ කාලීන ආයෝජන සඳහා හොඳම තේරීම ලෙසින් ස්ථානගත කරයි. අනාගත සුරක්ෂිත බව, දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා, සුවපහසු විශ්‍රාම දිවියක් ආදී කුමන අවශ්‍යතාවක් වෙනුවෙන් ඔබ මුදල් ඉතිරි කළත් ඒ සඳහා හොඳම අවස්ථාව දැන් ඔබට SDB බැංකුවේ ස්ථාවර තැන්පතු ක්‍රමය හරහා ලැබී ඇත.
“අපේ පස් අවුරුදු ස්ථාවර තැන්පතු සැලසුම් ගනුදෙනුකරුවන්ට ආරක්ෂිත සහ වෙළඳපොළේ පවතින හොඳම පොලී අනුපාත හරහා හොඳම ප්‍රතිලාභ ලබා දෙන අනගි ආයෝජන අවස්ථාවක්. මේ සියල්ලටම අමතරව දිවයින පුරා SDB බැංකු ශාඛාවල සේවයේ නිරත, පාරිභෝගික සේවය වෙනුවෙන් කැපවුණු අපේ කාර්ය මණ්ඩලය ඔබේ මූල්‍ය ඉලක්ක ජයගැනීමට ලබා දිය හැකි සියලු සහය ලබා දීමට සැදී පැහැදී සිටිනවා. ඔබේ ළඟම පිහිටි SDB බැංකු ශාඛාවට පිවිස හෝ සතියේ දින 7 ම පැය 24 පුරාම ක්‍රියාත්මක අපේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය අමතා අපේ පස් අවුරුදු ස්ථාවර තැන්පතු ක්‍රමය පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අපි ඔබට ආරාධනා කර සිටිනවා” යැයි මේ පිළිබඳව වැඩිදුර අදහස් දක්වමින් SDB බැංකුවේ ප්‍රධාන ව්‍යාපාර නිලධාරි චිත්‍රාල් ද සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලාංකික ප්‍රජාව සමූපකාර සංවිධාන, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු සියලු ආකාරයේ ශ්‍රී ලාංකිකයන් සහ ආයතන සවිබල ගන්වන SDB බැංකුව සමඟ ස්ථාවර තැන්පතු ඇරඹීම ඔබේ ආයෝජනයට උපරිම ප්‍රතිලාභ ලබා දෙන අතරම ඔබට රටේ දියුණුවේ කොටස්කරුවෙක් වීමටද අවස්ථාව සලසනු ඇත.
SDB බැංකුවෙන් ස්ථාවර තැන්පතුවලට ඉහළ පොලියක්