IMG-LOGO

2026 නොවැම්බර් මස 20 වන සිකුරාදා


SINGER Fashion Academy Awards 2026 සම්මාන උළෙලේදී සිසුන් 520 දෙනකුගේ ජයග්‍රහණ ඇගැයේ

සිංගර් ශ්‍රී ලංකා සමාගම විසින් සංවිධානය කරන ලද SINGER Fashion Academy Awards 2026 සම්මාන උළෙල පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි. එහිදී Dressmaking, Machine Embroidery සහ Fashion Design පිළිබඳ වෘත්තීය සුදුසුකම් සාර්ථකව සම්පූර්ණ කළ සිසුන් 520 දෙනෙක් ඇගයීමට ලක් වූහ. එමෙන්ම, මෝස්තර නිරූපණ සහ මැහුම් ක්ෂේත්‍රයේ රැකියා හා ව්‍යාපාරික අවස්ථා සඳහා සිසුන් සූදානම් කිරීමෙහිලා සිංගර් ෆැෂන් ඇකඩමිය ඉටුකරන කාර්යභාරය මෙම උළෙලේදී විශේෂයෙන් ඇගයීමට ලක් විය. 

මෝස්තර නිරූපණය සහ මැහුම් ක්ෂේත්‍රයේ වසර 60කට වැඩි පළපුරුද්දක් ඇති SINGER Fashion Academy, ලංකාව පුරා විහිදුණු පුළුල් අධ්‍යාපනික ජාලයකින් සමන්විතය. දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 50කට වැඩි සංඛ්‍යාවක් සහ Zoom මාධ්‍ය ඔස්සේ පැවැත්වෙන Online පන්ති හරහා, වසරකට සක්‍රීය සිසුන් 6,000කට වැඩි පිරිසකට මෙමගින් අධ්‍යාපනය ලබා දෙයි. අලු‍තින් හඳුන්වා දුන් රටා නිර්මාණය කිරීමේ (pattern-making) පාඨමාලා ද ඇතුළුව, මෝස්තර නිරූපණය සහ මහන ක්ෂේත්‍රයේ විවිධ අංශ ආවරණය වන පරිදි පාඨමාලා 20කට වැඩි ප්‍රමාණයක් SINGER Fashion Academy විසින් පවත්වනු ලබයි. 

වසර ගණනාවක් පුරා මෙම ඇකඩමියේ පාඨමාලා මගින් මැහුම් ක්ෂේත්‍රයේ නව ව්‍යවසායකයන් රැසක් බිහි කිරීමට උපකාරී වී ඇති අතර, තමන්ගේ දක්ෂතාවලින් ආදායම් උපයමින් සාර්ථක ව්‍යාපාර ගොඩනැගීමට ද බොහෝ තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දී ඇත.  

මෙම සම්මාන උළෙලේදී පාඨමාලා පහක් යටතේ සිසුන් අගය කිරීමට ලක් විය. එනම් Fashion Designing සහතික පත්‍ර පාඨමාලාව, Fashion Designing ඩිප්ලෝමාව, Fashion Designing උසස් ඩිප්ලෝමාව, නිමි ඇඳුම් පිළිබඳ ඩිප්ලෝමාව සහ මහන මැෂින් එම්බ්‍රොයිඩරි පිළිබඳ ඩිප්ලෝමාවයි. ඇගයීමට ලක් වූ සිසුන් 520 දෙනා අතුරින් 160 දෙනකු ඩිප්ලෝමා සහතික ද, 08 දෙනකු උසස් ඩිප්ලෝමා සහතික ද ලබාගත් අතර, ඔවුන්ගේ වෘත්තීය ජීවිතවල සාර්ථකත්වයට මෙමගින් සුවිසල් පිටුබලයක් ලැබෙනු ඇති බව නොඅනුමානය. 

 



අදහස් (0)

SINGER Fashion Academy Awards 2026 සම්මාන උළෙලේදී සිසුන් 520 දෙනකුගේ ජයග්‍රහණ ඇගැයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site