IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


SLIM Brand Excellence හිදී eChannelling ඇගයේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය සේවා පදනම වන eChannelling පසුගියදා පැවති 23 වැනි ‘SLIM Brand Excellence’ සම්මාන උළෙලේදී ‘වසරේ විශිෂ්ටතම මාර්ගගත සන්නාමය’ කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානය හිමිකර ගැනීමට සමත් විය. සන්නාම ශක්තිය, වෙළෙඳපොළ සවිඥානිකත්වය සහ වසර පුරාම ඵලදායී වැඩසටහන් ක්‍රියාවට නැංවීම යනාදිය සම්බන්ධයෙන් සමාගම පෙන්නුම් කළ විශිෂ්ට සාර්ථකත්වය හේතුවෙන් මෙම සම්මානය eChannelling වෙත හිමි විය. 

SLT-MOBITEL හි ශක්තිමත් යටිතල පහසුකම්වලින් පන්නරය ලබන eChannelling සේවාව දිගින් දිගටම මෙරට ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය පරිවර්තනයට ලක්කරමින් සිටී. එම ක්ෂේත්‍රයේ නවෝත්පාදනය හා විශිෂ්ටත්වය උදෙසා දක්වන කැපවීම හේතුවෙන්, දිවයින පුරා වෙසෙන පාරිභෝගිකයන්ට වඩාත් පහසු හා කඩිනම් සෞඛ්‍ය සේවා පිරිනමමින්, ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ සෞඛ්‍ය පදනම් සන්නාමය බවට පත්වීමට eChannelling සමත් වී තිබේ. 

SLIM Brand Excellence සම්මාන උළෙලේදී ලැබුණු මෙම නවතම සම්මානය, ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණ අවකාශයේ ශක්තිමත් සන්නාමයක් ලෙස eChannelling සතු පිළිගැනීම තවදුරටත් වර්ධනය කරනු ඇත. එමෙන්ම එය eChannelling යනු ශ්‍රී ලංකාවේ අංක එකේ වෛද්‍ය චැනලින් සේවාව බව තහවුරු කරමින්, නවීන තාක්ෂණය ඔස්සේ සෞඛ්‍ය සේවාහි පෙරළියක් කිරීමට සමාගම දක්වන කැපවීම තවදුරටත් ශක්තිමත් කරනු නිසැක ය. 

මේ වනවිට eChannelling මෙරට ජනතාවගේ ජීවිත තුළ යහපත් පරිවර්තනයක් ඇතිකිරීමේ මෙහෙවර ආරම්භකර දශක දෙකකට අධික කාලයක් ගත වී තිබේ. ඉදිරියටත් නවීනතම සේවා සමගින් විශිෂ්ට තලයේ පාරිභෝගික සේවාවක් ලබාදෙමින්, ඩිජිටල් සෞඛ්‍ය සේවාහි ක්‍රමෝපායික වෙනස්කම් වේගවත් කිරීම සමාගමේ අරමුණ වී ඇත.



අදහස් (0)

SLIM Brand Excellence හිදී eChannelling ඇගයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site