IMG-LOGO

2025 ජනවාරි මස 10 වන සිකුරාදා


SLT - මොබිටෙල් 2021 වාර්ෂික වාර්තාවට SAFA සම්මාන

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ 2021 වාර්ෂික වාර්තාව වෙනුවෙන් දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනයේ (SAFA) රන් සම්මානය හිමි විය. විශිෂ්ටතම වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම, ඒකාබද්ධ වාර්තාකරණය සහ සාර්ක් සංවත්සරය වෙනුවෙන් මෙම සම්මාන උළෙල සංවිධාන කෙරේ.

නේපාලයේ කත්මන්ඩු නුවර පැවති එම සම්මාන උළෙලේදී ‘සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ කාණ්ඩය’ යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම්  සමූහයේ වාර්ෂික වාර්තාව මෙලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජාත්‍යන්තර බදුකරණය සහ ඩිජිටල් මුදල් පිළිබඳ පැවති SAFA සම්මන්ත්‍රණයට සමගාමීව මෙම සම්මාන උළෙල පැවැත්විණි.

SLT - MOBITEL සමාගම වෙනුවෙන් එම සමාගමේ අලෙවි සේවා සාමන්‍යාධිකාරි අනුරුද්ධ සූරියාරච්චි සහ මුල්‍යයන ගිණුම්කරණ සහ බදුකරණ සාමන්‍යාධිකාරි ඉන්ද්‍රජිත් ප්‍රියන්ත යන මහත්වරු සම්මාන උළෙලට සහභාගී වූහ.

'No Dream Too Big' තේමාව යටතේ ඉදිරිපත් කරන ලද SLT - MOBITEL  2021 වාර්ෂික වාර්තාව, මෙරට ආර්ථිකය මෙන්ම සමාජය ද ඩිජිටල් පරිණාමයෙන් බලගන්වමින් තාක්ෂණික පරිණාමය ප්‍රවර්ධනය කිරීම සඳහා එම සමාගමේ දැක්ම සහ අපිරිමිත කැපවීම පිළිබිඹු කරයි.

595



අදහස් (0)

SLT - මොබිටෙල් 2021 වාර්ෂික වාර්තාවට SAFA සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site