IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


Safe Care සමාගම ව්‍යවසායකත්ව සම්මාන දිනයි

Safe Care Facilities Management පෞද්ගලික සමාගම 2024 බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී සේවා අංශයේ (ආගන්තුක සත්කාර / සංචාරක / වෙනත් සේවා) අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ කුසලතා සම්මානය දිනා ගත්තේය. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙල කොළඹදී පැවැත්විණි.
වසර 15කට ආසන්න අත්දැකීම් සහිත Safe Care සමාගමේ සේවය කරන පිරිස 1,250කට අධික වේ. පිරිසුදු කිරීමේ සහ පහසුකම් සැපයීමේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන එම සමාගම රට පුරා 500කට වැඩි ව්‍යාපෘති සංඛ්‍යාවක් සම්පූර්ණ කර ඇත. 
කාර්යසාධනය, ආරක්ෂාව, පරිසර නියාමන ඇතුළු සියලු‍ ප්‍රමිතිවලට අනුගත වෙමින් සේවා සපයන එම සමාගම  ISO  9001-2015 ජාත්‍යන්තර තත්ව සහතිකයද ලබා තිබේ. නිසි පුහුණුව ලැබූ 1,250කට අධික සේවක පිරිස නියමිත වේලාවට සේවා සපයයි. අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන් දහස් ගණනකට රැකියා සපයා ඇති Safe Care  සමාගම හරිත විසඳුම් සහ තිරසාරත්වය පිළිබඳවද ඉහළ අවධානයක් යොමු කරයි.



අදහස් (0)

Safe Care සමාගම ව්‍යවසායකත්ව සම්මාන දිනයි

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site