IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


Softlogic Life සමාගම Allianz Life Insurance Lanka අත්පත් කරගැනීමට යයි

භානුක අමරසිංහ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන Softlogic Life සමාගම, Allianz සමූහයට අයත් මෙරට ක්‍රියාත්මක Allianz Life Insurance Lanka Ltd සමාගමේ සියයට 100ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගැනීමේ එකඟතාවකට පිවිසි බව පවසයි. මෙහිදී අදාළ අත්පත් කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවිය යුතුව ඇතැයිද එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Softlogic Life සමාගම සිදු කළ මෙම අත්පත් කරගැනීම එම සමාගම මගින් මෙරට පුරා සිටින පාරිභෝගිකයන් වෙත ඉතා උසස් මට්ටමේ ජීවිත රක්ෂණ නිෂ්පාදන ලබාදීමේ අරමුණ හා සමපාත වන බවත් එම සමාගම පවසයි. ඒ අනුව මේ හරහා සිය වෙළෙදපොළ කොටස තවදුරටත් පුළුල් කරමින්, දැනටමත් පවතින නිෂ්පාදන තවදුරටත් දියුණූ කරමින් සහ සිය බෙදාහැරීමේ හැකියාව ශක්තිමත් කරවීමත් මේ හරහා සිදුකළ හැකි බව සමාගම සදහන් කරයි. 

එසේම දැනටමත් පවතින සක්‍රිය රක්ෂණ ඔප්පු 750,000ත් සමගින් රටෙහි විශාලතම පාරිභෝගික පදනම සහිත විශාලතම ජීවිත රක්ෂණ සමාගම ලෙස මෙම අත්පත් කරගැනීම සිය දිගුකාලීන වර්ධනය තවදුරටත් වේගවත් කිරීමට හැකියාව ලැබී ඇතැයිද Softlogic Life සමාගම පෙන්වා දෙයි. 

 



අදහස් (0)

Softlogic Life සමාගම Allianz Life Insurance Lanka අත්පත් කරගැනීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site