
ශ්‍රී ලාංකික සිසුන්ට සහ වෘත්තිකයන්ට ජාත්‍යන්තරව පිළිගත් බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනය සඳහා වැඩි ප්‍රවේශයක් දෙමින් එක්සත් රාජධානියේ University of Surrey සහ ශ්‍රී ලංකාවේ IIHS Multiversity අතර අධ්‍යයන හවුල්කාරිත්වය යටතේ නව අධ්‍යාපන මං පෙත් පුළුල් කර තිබේ. University of Surrey සතු ජාත්‍යන්තර අධ්‍යයන හා පර්යේෂණ විශේෂඥතාව IIHS Multiversity සතු වසර 25කට අධික සෞඛ්‍ය අධ්‍යාපන, වෘත්තීය පුහුණු සහ ජාත්‍යන්තර හවුල්කාරිත්ව අත්දැකීම් සමඟ ඒකාබද්ධ කිරීම මෙම සහයෝගීතාවේ විශේෂත්වයකි.
මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලාංකික සිසුන්ට සහ වෘත්තිකයන්ට පමණක් නොව සිය රටවලට සමීපව අධ්‍යාපනය ලබමින් ජාත්‍යන්තර වශයෙන් අදාළ සුදුසුකම් ලැබීමට අපේක්ෂා කරන දකුණු ආසියානු සිසුන්ට සහ වෘත්තිකයන්ට නව අවස්ථා නිර්මාණය කරයි. ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනස් වන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් IIHS සිය අධ්‍යයන සංවර්ධනය ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් ඔස්සේ ගොඩ නඟා ඇත. ඒ Clinical Sciences, Health Management Sciences, Lifestyle, Nutrition & Sport Sciences සහ Digital Health Sciences යන ක්ෂේත්‍රය. Clinical Sciences ක්ෂේත්‍රයට හෙද සේවය, ජෛව වෛද්‍ය විද්‍යාව, ඖෂධවේදය, රසායනාගාර විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, දෘෂ්ටි විද්‍යාව, විකිරණවේදය සහ වෛද්‍ය රූපකරණය, මනෝ විද්‍යාව, භෞත චිකිත්සාව සහ පුනරුත්ථාපනය ඇතුළත් වේ.
QA ශ්‍රේණිගත කිරීම් අනුව 262 ස්ථානයේ සිටින ලොව ප්‍රමුඛ විශ්ව විද්‍යාලයක් වන University of Surrey සමග සම්බන්ධ අධ්‍යයන මං පෙත් අතර BSc (Hons) Nursing Studies, MSc Nursing සහ BSc (Hons) Biomedical Sciences ඇතුළත් වන අතර සිසුන්ට මෙන්ම දැනටමත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන වෘත්තිකයන්ට ඉදිරි අධ්‍යාපන අවස්ථා සලසා දෙයි.
Health Management Sciences ක්ෂේත්‍රය වඩාත් සංකීර්ණ වෙමින් පවතින සෞඛ්‍ය ආයතන සහ පද්ධති මෙහෙයවීමට අවශ්‍ය අනාගත නායකයන් බිහි කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. Health Management Sciences වැනි විෂය ක්ෂේත්‍ර ඊට ඇතුළත් වේ. රෝහල්, රාජ්‍ය ආයතන, පෞද්ගලික සෞඛ්‍ය සේවා ආයතන සහ ජාත්‍යන්තර සංවිධාන සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැනුම සමඟ නායකත්ව සහ කළමනාකරණ හැකියා ඒකාබද්ධ කළ හැකි වෘත්තිකයන්ගේ අවශ්‍යතාව ඉහළ යමින් පවතින පසුබිමක මෙම විෂය ක්ෂේත්‍රවල වැදගත්කම වැඩි වෙමින් පවතී. Lifestyle, Nutrition & Sport Sciences ක්ෂේත්‍ර සෞඛ්‍ය සේවාවේ සිදු වන තවත් ප්‍රධාන පරිවර්තනයක් වන රෝගවලට ප්‍රතිකාර කිරීමේ සිට ඒවා වැළැක්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි.
දියවැඩියාව, හෘද හා රුධිර වාහිනී රෝග, ස්ථූලතාව සහ අනෙකුත් ජීවන රටාව ආශ්‍රිත රෝග සෞඛ්‍ය පද්ධති මත වැඩි පීඩනයක් ඇති කරන පසුබිමක පෝෂණය, ශාරීරික ක්‍රියාකාරකම්, චර්යාත්මක වෙනස්කම් සහ රෝග නිවාරණ සෞඛ්‍යය කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙමින් පවතී. මෙම ක්ෂේත්‍රයේ ප්‍රධාන පශ්චාත් උපාධි අධ්‍යයන මං පෙත් අතර MSc Lifestyle Medicine, MSc Nutritional Medicine සහ MSc Sport & Exercise Science ඇතුළත් වේ. රෝග නිවාරණ සෞඛ්‍ය සේවා, සුවතා ක්ෂේත්‍රය, පුනරුත්ථාපනය සහ මානව කාර්යසාධනය පිළිබඳ උනන්දුවක් දක්වන වෘත්තිකයන්ට මෙම වැඩසටහන් වැදගත් අවස්ථා සලසයි. සිව් වන ක්ෂේත්‍රය වන Digital Health Sciences කෘත්‍රිම බුද්ධිය, ඉලෙක්ට්‍රොනික සෞඛ්‍ය වාර්තා, දුරස්ථ වෛද්‍ය සේවා, සෞඛ්‍ය තොරතුරු විද්‍යාව සහ සෞඛ්‍ය දත්ත භාවිතයේ ශීඝ්‍ර වර්ධනයට ප්‍රතිචාර දක්වයි. MSc Digital Health වැඩසටහන සෞඛ්‍ය සහ තාක්ෂණ ක්ෂේත්‍ර එකිනෙක හමු වන නව වෘත්තීය අවස්ථා සඳහා අවශ්‍ය දැනුම හා හැකියා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර වෛද්‍යවරුන්, හෙද වෘත්තිකයන්, අනුබද්ධ සෞඛ්‍ය වෘත්තිකයන්, පරිපාලකයන්, මහජන සෞඛ්‍ය වෘත්තිකයන්, ඉංජිනේරුවන් සහ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් සඳහා අදාළ වේ.
Surrey – IIHS හවුල්කාරිත්වයෙන් ජාත්‍යන්තර මට්ටමේ බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනයට නව මං පෙත්