IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


Unimo වෙතින් “Unimo Brand New Avurudu Drive”

ශ්‍රී ලංකාව තුළ වසර පහක් පුරා පැවති වාහන ආනයනය කිරීම සඳහා වූ තහනම ඉවත් කිරීමත් සමග යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඞ් විසින් ශ්‍රී ලාංකේය රථ වාහන ක්ෂේත්‍රයේ මීළඟ පරිච්ඡේදය ආරම්භ කරමින් “Unimo Brand New Avurudu Drive” වැඩසටහන දියත් කර ඇත. 

එළඹෙන අලු‍ත් අවුරුදු සමය තුළ Brand New වාහනයක් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකේය ජනතාවගේ සිහින යථාර්ථයක් බවට පත් කරමින් යුනිමෝ ආයතනය ඉහළ යන ඉල්ලු‍ම සපුරාලීම සඳහා ඔවුන් සතුව ඇති Perodua සහ JMC වාහන විශාල ප්‍රමාණයක් සූදානම් කර ගෙන සිටියි.

අනෙකුත් වාහන අලෙවිකරුවන් තවමත් පෙර ඇණවුම් භාර ගනිමින් සිටින අතර තුර, යුනිමෝ විසින් මේ වන විටත් Perodua AXIA SE Hatchback, Perodua AXIA G Hatchback, Perodua Bezza G Sedan, Perodua Aruz X SUV, JMC Vigus Pro Double Cab සහ JMC ට්‍රක් රථ යන වාහන මාදිලි, පාරිභෝගිකයන් වෙත පිරිනැමීමට සියලු‍ කටයුතු සූදානම් කර ඇත. මීට අමතරව යුනිමෝ ආයතනය විසින් තමා වාහන මාදිලි පෙළ තවත් පුළුල් කරමින්, Seres 3 සහ Dayun DY3 යන විද්‍යුත් (EV) මාදිලි සඳහා පෙර ඇණවුම් භාර ගැනීමද ආරම්භ කර තිබේ. 



අදහස් (1)

Unimo වෙතින් “Unimo Brand New Avurudu Drive”

Perera Monday, 24 March 2025 10:29 AM

මෙයාලා දැන් මිට්සුබිෂී වාහන අලෙවි කරන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site