IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


අපනයනකරුවන්ගේ ගැටලු‍වලට සෘජු විසඳුම්


යොහාන් භාසුර


අපනයනකරුවන්ගේ ගැටලු‍ විසඳීමේ මූලික අරමුණ ඇතිව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධාන කළ 25 වැනි ‘අපනයනකරුවන්ගේ සංසදය’ පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විය.

අපනයනකරුවන්ට ඔවුන්ගේ ගැටලු‍ ඉදිරිපත් කිරීමට සහ අපනයන ක්ෂේත්‍රය මුහුණදී ඇති අභියෝග සඳහා ප්‍රායෝගික විසඳුම් සෙවීමේ වැදගත් වේදිකාවක් බවට මෙම ‘අපනයනකරුවන්ගේ සංසදය’ පත්ව තිබේ.

අපනයන ප්‍රජාවට සහාය වීමේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ උත්සාහයක කොටසක් ලෙස මෙම අවස්ථාව අපනයනකරුවන්ට ප්‍රතිපත්ති සම්පාදකයන් සමඟ සෘජුව සම්බන්ධ වීමට, ඔවුන්ගේ ගැටලු‍ ඉදිරිපත් කිරීමට සහ අපනයන ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට ද අවස්ථාව ලැබේ.

මෙම සංසදයට අපනයනකරුවන් ගැටලු‍ 110 ක් සදහා ඉදිරිපත් කළ අතර ඉන් සමාගම් ගැටලු‍ 79 ක් සෘජුව ද ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය සහ ලංකා වාණිජ මණ්ඩලය වැනි කර්මාන්ත සංගම් ගැටලු‍ 31 ක් ද ඉදිරිපත් විය. ඉන් ගැටලු‍ සැලකියයුතු ප්‍රමාණයක් අපනයන කාර්යසාධක බලකාය හරහා අදාළ ආයතනවලට යොමුකර විසදමින් පවතින අතර ගැටලු‍ 37 ක් සංසදයේදී සාකච්ඡා කිරීමට ප්‍රමුඛතාව ලැබීය.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සිය දේශනයේදී වෙළෙඳාමට පහසුකම් සැලසීම සහ අපනයනකරුවන් මුහුණ දෙන අභියෝගවලට විසඳුම් ලබා දීම සඳහා රජයේ කැපවීම නැවත අවධාරණය කළේය. වත්මන් රජය නිෂ්පාදන ආර්ථිකය තුළ අපනයන වර්ධනයට ප්‍රමුඛත්වය දෙන බවත් ඒ සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ උපරිම සහයෝගය ලබාදෙන බවත් ඒ මහතා සඳහන් කළේය.



අදහස් (0)

අපනයනකරුවන්ගේ ගැටලු‍වලට සෘජු විසඳුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site