IMG-LOGO

2026 ඔක්තෝබර් මස 09 වන සිකුරාදා


අම්බලන්ගොඩ හෙළ බොජුන් හල විවෘත කෙරේ

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත, හික්කඩුව ඥාණදාස රම්මුතු, රත්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන
අම්බලන්ගොඩ නගර සභාව විසින් ස්ථාපිත කරනු ලැබූ හෙළ බොජුන්හල අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අසේල ගොඩහේවා මහතාගේ සම්බන්ධීකරණයෙන් වෘත්තීය අධ්‍යාපන නියෝජය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. හෙළ බොජුන්හල විවෘත කිරීමේ අවස්ථාවට බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති අනුරුද්ධ මහවැලි, අම්බලන්ගොඩ නගර සභාවේ උප සභාපති එස්.එම්. සරත්චන්ද්‍ර යන මහත්වරු ඇතුළු එම නගර සභාවේ පක්ෂ, විපක්ෂ නාගරික මන්ත්‍රීවරු, අම්බලන්ගොඩ නගර සභාවේ ලේකම් ජීවන්තිකා රුදිගු, අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ලේකම් හසන්ති නිරෝෂණී යන මහත්ම, මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.



අදහස් (0)

අම්බලන්ගොඩ හෙළ බොජුන් හල විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site