IMG-LOGO

2026 ඔක්තෝබර් මස 08 වන බ්‍රහස්පතින්දා


අල්මාස් හෝල්ඩිංග්ස් ගෝල්ෆේස් කැපිටල් පාර්ට්නර්ස්හි අයිතිය ඉහළ නංවා ගනී

භානුක අමරසිංහ

අල්මාස් හෝල්ඩිංග්ස් සමූහයට අයත් අල්මාස් ඉක්වටිස් (පෞද්) සමාගම කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ආයෝජන සමාගමක් වන ගෝල් ෆෙස් කැපිටල් පාර්ට්නර්ස් පීඑල්සී සමාගමේ තවත් කොටස් 1,358,881 ක් මිලදී ගත් බව පවසයි. පසුගිය අගෝස්තු 07 වැනිදා මෙම ගනුදෙනුව සිදුව තිබේ. 

මෙහිදී රුපියල් 69ක් බැගින් කොටස් 1,350,000ක්, රුපියල් 72.90ක් බැගින් කොටස් 159ක් සහ රුපියල් 73ක් බැගින් කොටස් 8,722ක් ලෙස මෙම මිලදී ගැනීම සිදුව ඇත. ඒ අනුව ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 93.8 කි. 

මෙම මිලදී ගැනීමට පෙර අල්මාස් ඉක්වටිස් (පෞද්) සමාගම සතුව ගෝල් ෆෙස් කැපිටල් පාර්ට්නර්ස් පීඑල්සීහි කොටස් 1,541,119ක් පැවතුණි. එය සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් ප්‍රමාණය වන 28,894,939න් සියයට 5.33 කි. ඒ අනුව මෙම මිලදී ගැනීමත් සමගින්ම එම කොටස් සංඛ්‍යාව 2,900,000ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් සියයට 10.04කි.

අල්මාස් ඉක්වටිස් (පෞද්) සමාගම අයත් අල්මාස් හෝල්ඩිංග්ස් සමූහය මෙරට සිටින මුල් පෙළේ ආයෝජකයකු වන ඉමිතියාස් බුහර්දීන් මහතාට අයත් සමාගමකි. 

මෙම ගෝල් ෆෙස් කැපිටල් පාර්ට්නර්ස් පීඑල්සී සමාගම මීට පෙර ගාර්ඩියන් කැපිටල් පාර්ට්නර්ස් පීඑල්සී ලෙසින් හැඳින්වුණි.

 



අදහස් (0)

අල්මාස් හෝල්ඩිංග්ස් ගෝල්ෆේස් කැපිටල් පාර්ට්නර්ස්හි අයිතිය ඉහළ නංවා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site