IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ආචාර්ය හාන්ස් ඩයලොග් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වෙයි

භානුක අමරසිංහ


ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වූ ආචාර්ය හාන්ස් විජේසූරිය එම ධුරයෙන් ඉවත්ව ඇතැයි එම සමාගම පවසයි.
පසුගිය ජනවාරි 15 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම ඉවත් වීම සිදුව තිබේ. ඩයලොග් ආසිආටා සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් මේ බව සඳහන් කර තිබේ.
ඒ මහතා ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමෙහි ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළේය. එසේම මැලේසියාවේ ආසිආටා ඉන්වෙස්ට්මන්ට් (ලබුආන්) ලිමිටඩ් සමාගමේද නම් කළ අධ්‍යක්ෂවරයකුද විය.
එසේම මීට පෙර ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා එම සමූහයෙහි විධායක අධ්‍යක්ෂවරයා ලෙස දැරූ ධුරයෙන් මෙන්ම ආසිආටා ගෘප් බර්හාඩ් සමූහයේ දුරකතන සන්නිවේදන ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස දැරූ ධුරයෙන්ද ඉවත්ව තිබුණි.
මෙලෙස ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල ධුරයෙන් ඉවත්වන අවස්ථාව වන විට ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා සතුව එම සමාගමෙහි සාමාන්ය ඡන්ද හිමි කොටස් 2,408,470ක හිමිකාරීත්වයක් පැවති බවත් සමාගම පවසයි.
අද වනවිට ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා ජනාධිපතිවරයාගේ ඩිජිටල් කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස මෙන්ම, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයෙ (ICTA) ආයතනයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි.



අදහස් (0)

ආචාර්ය හාන්ස් ඩයලොග් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site