IMG-LOGO

2026 නොවැම්බර් මස 20 වන සිකුරාදා


ආයතනික මෙහෙයුම් ශක්තිමත් කිරීමට කාන්තා ව්‍යවසායිකාවන් නගා සිටුවීමට NDB බැංකුව IFC සහයෝගිතාව වර්ධනය කර ගනී

NDB - අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කැලු‍ම් එදිරිසිංහ, IFC - මූල්‍ය ආයතන සමූහය, උපදේශන සේවා - දකුණු ආසියා කලාපිය කළමනාකරු මෙහෙදි චෙර්කොයි 

NDB  බැංකුව, ආයතනික ඵලදායිතාව ඉහළ නැංවීමේ අරමුනින් ආයතනික මෙහෙයුම් වැඩි දියුණු කිරීම සහ පුළුල් කිරීම සඳහා මෙන්ම, තවදුරටත් කාන්තා ව්‍යවසායිකාවන්ගේ මුල්‍ය ශක්තිය සවිබල ගැන්වීමටත්, ලෝක බැංකු සමූහයේ සාමාජිකයකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමග පැවති දිගුකාලීන සහයෝගිතාව තව දුරටත් වර්ධනය කර ගනු ලැබීය.

මෙම සහයෝගිතාවෙන්, IFC හි ගෝලීය විශේෂඥතාව සහ උපදෙස් උපයෝගී කරගනිමින් NDB හි ආයතනික මෙහෙයුම් ක්‍රියාවලීන් සහ කාර්යසාධනය ශක්තිමත් කිරීම සුවිශේෂී කොටසක් වේ.

තවද, මෙම සහයෝගිතාවෙන් කාන්තා නායකත්වයෙන් යුත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (WSME) කුසලතා සංවර්ධන වැඩසටහන් රට පුරා දියත් කිරීම ද සිදුවේ. මෙහිදී, NDB හි කතුන් සඳහාම සුවිශේෂී වූ බැංකු සේවා වැඩි දියුණු කරමින්, රට පුරා සිටින ව්‍යවසයිකාවන්ගේ ව්‍යාපාර ශක්තිමත් කිරීමද, ඔවුන්ට මූල්‍ය පහසුකම් ලබා දීම ද, අලු‍ත් ව්‍යාපාර අවස්ථා නිර්මාණය ද, උපදේශන සේවාද මෙන්ම නව ආයෝජන අවස්ථාද ලබා දෙනු ඇත.

NDB- සමාගම් ලේකම් සේවා සහකාර කළමනාකරු ටිෆනි හූල්, NDB- නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී කේ.වී.විනෝජ්, IFC- මූල්‍ය ආයතන සමුහයේ උපදේශන සේවා: දකුණු ආසියා කලාපිය කළමනාකරු, මෙහෙදි චෙර්කොයි,  NDB - අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කැලු‍ම් එදිරිසිංහ, IFC -  ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරිනී  මීතු සිං, ලෝක බැංකුව  ජ්‍යෙෂ්ඨ සමාජ සංවර්ධන විශේෂඥ වෙරේනා ෆිප්ස් එල්බර්,   IFC  - මෙහෙයුම් නිලධාරී, ගෝලම් රබි ,  NDB - පුද්ගලික බැංකුකරණය උප සභාපති සියාන් හමීඞ් , NDB-  නිෂ්පාදන සංවර්ධන හා කළමනාකරණ ඒකකයේ නිෂ්පාදන කළමනාකරු, ටානියා ඒකනායක යන මහත්ම මහත්මීහු ඉහළ ඡායාරූපයේ වෙති.  

 



අදහස් (0)

ආයතනික මෙහෙයුම් ශක්තිමත් කිරීමට කාන්තා ව්‍යවසායිකාවන් නගා සිටුවීමට NDB බැංකුව IFC සහයෝගිතාව වර්ධනය කර ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site