IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ආර්ථික මර්මස්ථාන දොස් නිවාරණ යන්ත්‍රයක්

රටේ ආර්ථිකයට උරදෙන ප්‍රධාන පෙළේ සේවා ස්ථානවල ක්‍රියාත්මකවෙන යන්ත්‍රවල දෝස ඇතිවූ වහාම එම දෝෂය හඳුනාගෙන එය කුමක්දැයි එසැණින් දැනුම්දෙන ‘‘අයිමොනි සිස්ටම්‘‘ නමැති පද්ධතියක් නිර්මාණය කළ බව මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් සහ විදුලිය සංදේශ අංශයේ මහාචාර්ය දිලීකා ඩයස් මහත්මිය පැවසුවාය.

මෙම පද්ධතිය හේතුවෙන් එක ස්ථානයක සිට හටගන්නා දෝෂය හා එයට හේතුව හඳුනා ගැනීමට පිළිවන. එවිට ඒ සඳහා අප්‍රමාදව වහාම අවශ්‍ය පියවර ගැනීමට අදාළ බලධාරීන්ට හැකිවෙයි.

මෙම පද්ධතිය ජංගම දුරකථනයට ආදේශ කිරීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට මේ දිනවල පර්යේෂණ සිදුවෙමින් පවතී.

මේ අනුව විදුලිය සංදේශ අංශය යටතේ ඩයලොග් ජාලයේ ඇතිවන යම් සුළු හෝ ගැටළුවක් එසැණින් නිරාකරණය කරදීමට මෙම පද්ධතිය නිසා හැකියාව ලැබී ඇත.

මෘදුකාංගයක් සහ දෘඩාංගයක් සහිතව මෙම පද්ධතිය නිර්මාණය කර ඇත.

මෙවන් නිර්මාණයක් ශ්‍රී ලංකාවේ බිහිකළ ප්‍රථම අවස්තාව මෙයයි. මෙම උපාංගය පිළිබඳව සෙසු දුරකථන සමාගම්වලට හෝ ආයතනවලට දැන ගැනීමට අවැසිනම් මොරටුව විශ්ව විද්‍යාලයේ 2650634 දුරකථන අංකයෙන් විමසිය හැකිය.

මෙම නිර්මාණය බිහිකළේ මොරටුව විශ්වවිද්‍යාලය තුළ ස්ථාපිත කර තිබෙන ඩයලොග් පර්යේෂණ ආයතනයයි. ඒ සඳහා මූල්‍ය දායකත්වය ලබාදුන්නේ ඩයලොග් ආයතනයයි.

මෙවන් පද්ධතියක් ආනයනය කළේ නම් ඩොලර් මිලියන ගණනක් වැය කළ යුතුය. ඊට අමතරව නඩත්තුව වෙනුවෙන්ද ඩොලර් ලක්ෂ ගණනින් වැය කළ යුතුය.

මොරටුව විශ්ව විද්‍යාලය දැරිය හැකි සාධාරණ මුදලකට මෙම පද්ධතිය නිර්මාණය කර දීමට සැදී පැහැදී සිටී.

ඩයලොග් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරිය ලෙස ක්‍රියාකරන මහාචාර්ය දිලීකා ඩයස් මහත්මියගේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ ලංකා විජේසිංහ, රත්න ප්‍රසාද් , පර්යේෂණ ඉංජිනේරුවරු ඇතුළු කණ්ඩායමක් නිර්මාණය බිහිකිරීමට දායක වූහ.

3 IMG_20141009_124615_E



අදහස් (0)

ආර්ථික මර්මස්ථාන දොස් නිවාරණ යන්ත්‍රයක්

නයනී Friday, 27 February 2015 06:52 AM

මගේ ගොඩක් ඒවා මොනිටර් කරගන්න තියෙනවා.(නදී)

:       0       0

සත්‍යපාල Friday, 27 February 2015 11:05 AM

නයනි ඔයා හිතන දේවල් මේකෙන් මොනිටර් කර ගන්න බැරි වේවි !(හේ)

:       0       0

ලක්විඳු Sunday, 01 March 2015 04:12 AM

මම දන්නා තරමින් නම් ඕකට හොඳම යන්තරේ තියෙන්නේ වැලිකඩ.(නදී)

:       0       0

දුමින්ද Monday, 02 March 2015 05:37 AM

ලක්විඳු ඔබ හරි, තීන්දු තීරණ ගන්න අයගේ දොස් බංගකිරීම හරිම වැදගත් (නදී)

:       0       0

හරීන්ද්‍ර Monday, 02 March 2015 12:20 PM

අනේ නයනිගේ මොනිටර් කරන්න තියන දේවල් ටික මට දෙන්න. මොනිටර් කරලා දෙන්නම් (නදී)

:       0       0

විකී Thursday, 05 March 2015 01:27 PM

බොහොම අගය කළයුතු වැඩක්.. හැබැයි කාගේත් හාස්‍යට ලක්වීම ගැන කනගාටුයි.. පර්යේෂණ වලට පමණක් සීමා නොවී, ඒවායේ ප්‍රතිපල රටට දයද කෙරීම අප ලබනා මහඟු ආර්ථික ජයක්. ඒවගේම හරියට වැරදි දේටත් මේවා ප්‍රයෝජනයට ගත හැකියි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site