ෆොන්ටෙරා සමාගමෙන් මෙරටට ආනයනය කර තිබූ ඇන්කර් කිරි පිටි කාණ්ඩ 3 ක තොගයක් වෙළදපොළට මුදාහැරීම වළක්වමින් පනවා තිබූ තහනම ඉවත් කර ගැනීමට රජය කටයුතු කර ඇත.
මෙම තහනම පැමිනවීමට හේතුව වී තිබුණේ අලූතින් ආනයනය කළ ඇන්කර් කිරි පිටි පානය කළ දරුවන් කිහිපදෙනෙක් රෝගීවූ බවට තොරතුරු ලැබීමය.
විද්‍යාගාර පර්යේෂණකයින් පසු කිරිපිටි වල රෝගකාරක කිසිවක් නැතැයි අනාවරණය වීමත් සමග තහනම ඉවත් කර තිබේ.
මෙය ෆොන්ටෙරා කිරිපිටි වලට තහනමක් පැනවුනු පළමු අවස්ථාව නොවෙන අතර පසුගිය අගෝස්තු මාසයේදී රට පුරා නැගෙන්නට ගත් විරෝධයන් නිසා ෆොන්ටෙරා සමාගමේ කිරි පිටි තහනම් කෙරුණි.
පසුව උසාවි නියෝගයකින් එම තහනම ඉවත් කිරීම සිදුවිය.
ඇන්කර් තහනම ඉවතට
කුමාර Wednesday, 15 October 2014 07:06 AM
මේ කිරිපිටි වල කිසිදු ප්‍රශ්නයක් නැතුව ඇති.දැන් අවුරුදු ගාණක් තිස්සේ කිසිදු ගැටළුවක් මතු වුණේ නෑනේ.(හේ)
නිමන්ත Wednesday, 15 October 2014 07:07 AM
කාලයක් ලංකාවේ හොදම කිරිපිටි ඇන්කර්නේ.(හේ)
සියාතු Tuesday, 14 October 2014 03:27 PM
මුලදි හොද වුණාට පස්සේ ටික ටික හැමදේම බාල වෙනවා.(හේ)
කුමාර Tuesday, 14 October 2014 03:49 PM
දේශිය කිරිපිටි වලට මුල් තැන දී දෙවැනුව පිටරට කිරපිටි වලට දුන්නම් මොකද වෙන්නේ.(හේ)
විමල් Tuesday, 14 October 2014 03:49 PM
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර මේකට පියවරක් ගත්තනම් හොද නැද්ද?(හේ)
මේනක Tuesday, 14 October 2014 03:49 PM
දේශිය නිෂ්පාදන නගා සිටුවිය යුතුයි.(හේ)
සිතුම් Tuesday, 14 October 2014 03:49 PM
ඇන්කර් ඉවත් කළ යුතුයි.(හේ)
ඇතුගල Monday, 13 October 2014 06:08 AM
හරියටම දැනගන්නේ නැතුව අදහසක් කියන්න අමාරුයි මට නම් (නි)
අමා Monday, 13 October 2014 06:21 AM
ඇන්කර් වල විස ද්‍රව්‍ය තිබිය හැකි නිසා විදිමත් පරික්ෂවකින් තොරව තහනම ඉවත් කිරීම නුසුදුසුද?(හේ)
කුමාරි Thursday, 16 October 2014 05:30 AM
මැරෙනකම් කිරි බොන මෙලොව වසන එකම සත්වයා මිනිසාය.(දිල්)
දිනෙල්කා Monday, 13 October 2014 04:45 PM
මොනවා වුණත් රට කිරිපිටි නොබී සිටීම තමයි හොඳ (නි)
අනුර Monday, 13 October 2014 04:45 PM
ඇන්කර් තමයි මම කැමතිම පිටි වර්ගය (නි)