ෂංහයිහිදීය (රොයිටර්)
තම සමාගම එක්සත් ජනපද ඩොලර් මිලියන 300ක හරිත බලශක්ති අරමුදලක් චීනයේදී ආරම්භ කරන බව ‘ඇපල්’සමාගම නිවේදනයක් නිකුත් කරමින් අද, සිකුරාදා (13) සඳහන් කළේය.
තම සමාගම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම සඳහා සැපයුම්කරුවන් සමඟ කටයුතු කරමින් සිටින බවත් මෙම ව්‍යාපෘති වලින් චීනයේ නිවාස මිලියනයකට බලශක්තිය සැපයීමට හැකි බවත් ඇපල් සමාගම පෙන්වා දෙයි.
චීන රජය පරිසර දූෂණය අවම කිරීමට ප්‍රමුඛත්වයක් දී තිබේ. පරිසරයට එක්වන විසවායු, අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කරන්නැයි ද චීන රජය එරට තුළ ක්‍රියාත්මක දේශීය හා විදේශීය කර්මාන්ත හා සමාගම්වලට අවධාරණය කර තිබේ. එමෙන්ම ප්‍රධාන නගරවල ජල මාර්ග සහ දූෂිත පස පිරිසුදු කිරීමට ද චීන රජය පියවර රැසක් ගෙන තිබේ.
ඇපල් සමාගම මෙලෙස චීනය තුළ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කරන්නේ ඇමෙරිකාව සහ චීනය අතර ආර්ථික යුද්ධයක් ඇති වී තිබෙන මොහොතකය.
ඇමෙරිකා එක්සත් ජනපද සමාගමක් වන ‘ඇපල්’ සමාගමේ බොහෝ නිෂ්පාදන නිෂ්පාදනය කෙරෙන්නේ චීනයේය. ඒවා ඇමෙරිකාව ද ඇතුළු ලොව පුරා රටවල බෙදා හැරෙයි. චීනය ද ඇපල් සමාගමේ ප්‍රධාන සහ ඉතා වැදගත් අවසන් වෙළෙඳපොළකි.
චීනය තුළ ද ඔවුන්ගේම සමාගම්වලින් ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදනය කිරීම නිසා ඇපල් ස්මාර්ට් ජංගම දුරකතන සහ චීන ස්මාර්ට් ජංගම දුරකතන අතර දැඩි තරගකාරීත්වයක් ද ඇති වී තිබේ.
මේ අතර ඇපල් සමාගම මේ වනවිට පුනර්ජනනීය බලශක්තිය වැඩි අවධානයක් යොමු කර තිබෙන අතර තමා සමාගමේ ගෝලීය පහසුකම් සේවා සපයන මධ්‍යස්ථාන පිරිසුදු බලශක්තියෙන් බලගැන්වී ඇතැයි ද ඇපල් සමාගම මේ වසර ආරම්භයේදී නිවේදනය කළේය.
055
ඇපල් සමාගම චීනයේ හරිත බලශක්ති අරමුදලක් අරඹයි