IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකානු තීරුබද්දේ සාර්ව ආර්ථික බලපෑම් IMF තක්සේරුවක


භානුක අමරසිංහ


ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ප්‍රකාශයට පත් කර ඇති නව තීරු බදු හේතුවෙන් ඇතිවිය හැකි සාර්ව ආර්ථික බලපෑම් සම්බන්ධයෙන් තක්සේරු කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසන්නීය. දැනට පවතින දැනුමේ හැටියට මෙම තීරු බදු මන්දගාමී ආර්ථික වර්ධනයක් පවතින කාලයක් සහිතව ගෝලීය ආර්ථික පෙරදැක්ම වෙත කැපී පෙනෙන අවදානමක් ඇති කරනු ඇති බවත් එම අරමුදල සඳහන් කරයි.

 “මෙම තීරු බදු නිසා ඇති විය හැකි සාර්වආර්ථික බලපෑම් සම්බන්ධයෙන් අපි තවමත් තක්සේරු කරමින් සිටින්නේ. එහෙත් ගෝලීය ආර්ථික වර්ධනය වෙත මෙහි කැපී පෙනෙන බලපෑමක් තිබෙන බව අපිට පෙනෙනවා’’ යනුවෙන් ඇය පැවසුවාය. ඒ අනුව මෙම තත්වය හරහා තවදුරටත් ලෝක ආර්ථිකය වෙත ඇතිවිය හැකි හානි වැළැක්වීම සඳහා පියවර ගැනීම වැදගත් බව ඇගේ අදහස වී තිබේ. “වඩාත් හොඳින් කටයුතු කරමින් මෙම තත්වය විසඳා ගෙන අස්ථාවරත්වය අඩු කරන ලෙස එක්සත් ජනපදයෙන් සහ ඔවුන්ගේ වෙළෙඳ හවුල්කරුවන්ගෙන් අපි ඉල්ලා සිටිනවා’’ ඇය පවසන්නීය.



අදහස් (0)

ඇමෙරිකානු තීරුබද්දේ සාර්ව ආර්ථික බලපෑම් IMF තක්සේරුවක

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site