විමුක්ති එස් රුද්‍රිගු
ඉදිකිරීම් අංශයේ අඛණ්ඩ වර්ධනය පිළිබිඹු කරමින් ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හැඳින්වෙන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය පසුගිය වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේදී සියයට 52.9 දක්වා තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. පසුගිය දෙසැම්බර් මාසයේදී සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය සියයට 51.4 ක් ලෙස වාර්තා විය.
සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ සමීක්ෂණයට සහභාගී වූ බොහෝ දෙනෙක් ප්‍රකාශ කර ඇත්තේ විශේෂයන්ම ස්ථාවර මිල මට්ටම සහ හිතකර කාලගුණය වැනි යහපත් ව්‍යාපාරික තත්ව හේතුවෙන් දැනට පවතින ඉදිකිරීම් ව්‍යාපෘති කඩිනමින් අවසන් වෙමින් පවතින බවය. ඒ හේතුවෙන් මෙම ප්‍රගතිය දිගටම පවත්වා ගෙන යාමට නව ව්‍යාපෘති ආරම්භ කිරීමට අවශ්‍ය බවද සමීක්ෂණයට සහභාගීවූවන් අවධාරණය කර ඇත.
නව ඇණවුම් දර්ශකයද පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේදී සියයට 52.9 දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. පසුගිය දෙසැම්බර් මාසයේදී නව ඇණවුම් දර්ශකය සියයට 50 මට්ටමේ පැවැතිණි.
තවද ඉදිරිකිරීම් කටයුතුවල වර්ධනය පිළිබිඹු කරමින් මෙම වසරේ ජනවාරි මාසයේදී තොග මිලදී ගැනුම්ද පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 54.4 දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. පසුගිය දෙසැම්බර් මාසයේදී තොග මිලදී ගැනුම් දර්ශකය සියයට 52.9 ක් ලෙස සටහන් විය.
ඉදිකිරීම් අංශයේ අඛණ්ඩ වර්ධනයක්