සංස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනය සංවිධානය කරන ‘ඉන්කෝ 2017‘ කර්මාන්ත ප්‍රදර්ශනය ජූනි 23, 24 හා 25 දිනවල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.
ජූනි 23 වැනිදා ප්‍රදර්ශනය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ අතින් විවෘත කෙරෙන අතර ජූනි 24 වැනිදා කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ අතින් ද ජුනි 25 වැනිදා මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අතින් ද ප්‍රදර්ශනය විවෘත කෙරේ.
එම දිනවල පෙරවරු 10 සිට රාත්‍රී 9 දක්වා ප්‍රදර්ශනය පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.
‘ඉන්කෝ 2017‘ කර්මාන්ත ප්‍රදර්ශනය කොළඹදී