×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
ඉන්දියාවේ ආහාර මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළට
කතෘ මණ්ඩලය 2026 සැප්තැම්බර් මස 16
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
ගෝලීය ආහාර මිල දර්ශකය ලි මාසයට සාපේක්ෂව සියයට 1.9කින් ඉහළ ගිහින්
විමුක්ති එස්. රුද්‍රිගු
එල්නිනෝ තත්වය හේතුවෙන් ආසියානු කලාපයේ කෘෂිකර්මාන්තයට සහ ආහාර සැපයුමට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳ අවධානය යොමුවී තිබියදී ඉන්දියාවේ ආහාර මිල ගණන් පසුගිය අගෝස්තු මාසයේදී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
ඉන්දියාවේ පාරිභෝගික මිල දර්ශක දත්ත අනුව එරට ආහාර මිල උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට 5.95ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ජූලි මාසයේ පැවති සියයට 5.52ට වඩා වැඩි අගයකි. එහිදී ඉඟුරු කිලෝවක මිල පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 73.82කින්, ලොකු ලූනු කිලෝවක මිල සියයට 48.27කින්, සුදු ලූනු කිලෝවක මිල සියයට 43.60කින් සහ සීනි කිලෝවක මිල සියයට 24.20කින් ඉහළ ගොස් තිබේ.
සහල් කිලෝවක මිලද සියයට 5.88කින් ඉහළ ගොස් ඇති අතර, ඉන්දියාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට බලපා ඇති අඩු, නිසි පරිදි නොලැබෙන වර්ෂාපතනය සහ වී වගා ප්‍රමාණය අඩුවීම සහල් මිල ඉහළ යාමට බලපා ඇති බව වාර්තා වේ. මේ අතර ඉන්දියාව ඇතුළු ආසියානු රටවලට ඉදිරියේදී එල්නිනෝ තත්වයෙන් උෂ්ණත්වය, වර්ෂාපතනය සහ ජල සම්පත් කෙරෙහි බලපෑම් ඇතිවිය හැකි අතර එය කෘෂිකාර්මික නිෂ්පාදනයට බලපෑමක් ඇති කළ හැකි බව කලාපීය විශ්ලේෂණ පෙන්වා දෙයි.
එවැනි තත්වයක් තුළ කලාපයේ ආහාර නිෂ්පාදනය අඩුවී ආහාර මිල තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇති අතර, ආහාර ආනයනය මත රඳා පවතින ශ්‍රී ලංකාවටද එහි බලපෑමක් ඇතිවිය හැකි බව ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් පළ වී ඇති විශ්ලේෂණවල සඳහන් වේ. ශ්‍රී ලංකාවේද අගෝස්තු මාසයේ ආහාර මිල උද්ධමනය සියයට 8.5ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
මේ අතර එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දත්ත අනුවද අගෝස්තු මාසයේ ගෝලීය ආහාර මිල දර්ශකය ජූලි මාසයට සාපේක්ෂව සියයට 1.9කින් ඉහළ ගොස් තිබේ.
අදහස් (0)
ඉන්දියාවේ ආහාර මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළට
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
ඉන්දියාවේ ආහාර මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළට