IMG-LOGO

2026 ඔක්තෝබර් මස 08 වන බ්‍රහස්පතින්දා


ඊ බී ක්‍රීසි සහ සමාගමෙන් රැ.බි. 1.5ක් වටිනා හිමිකම් නිකුතුවක්


භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ඊබී ක්‍රීසි සහ සමාගම හිමිකම් නිකුතුවක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි පවසයි. ඒ අනුව දැනට සමාගම මගින් නිකුත් කර ඇති සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 10ක් සඳහාම අලු‍තින් එක් කොටසක් බැගින් නිකුත් කරන බව සමාගමේ සැලසුම වී තිබේ. 

මෙහිදී නිකුත් කෙරෙන සමස්ත කොටස් සංඛ්‍යාව 25,354,580 කි. එක් කොටසක් රුපියල් 60 බැගින් නිකුත් කෙරෙන අතර, මෙම හිමිකම් නිකුතුවේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 1.52ක් (රුපියල් 1,521,274,800 ක්) වෙයි. සමාගම සතු ණය ආපසු ගෙවීමට සහ සිය පරිපාලිත සමාගමක් වන ඩාර්ලි බට්ලර් සහ සමාගම වෙත සිදු කරන ආයෝජන වෙනුවෙන් මෙම මුදල් යොදා ගන්නා බව සමාගම පවසයි. 



අදහස් (0)

ඊ බී ක්‍රීසි සහ සමාගමෙන් රැ.බි. 1.5ක් වටිනා හිමිකම් නිකුතුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site