×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
උතුරු පළාතේ නව ආයෝජන කලාප මේ වසරේ තුන්වැනි කාර්තුවේදී ඇරැඹේ
කතෘ මණ්ඩලය 2025 අප්‍රේල් මස 07
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
නව ආයෝජන කලාපවලින්
සෘ රැකියා 16 000ක්
වක්‍ර රැකියා 50 000ක
අපේක්ෂාවක්
කන්කසන්තුරේ, පරන්තන් හා මාන්කුලම් යෝජිත ආයෝජන කලාපවල යටිතල පහසුකම් ඉක්මනින් අවසන් කර මෙම වසරේ තුන්වැනි කාර්තුව අවසානයේදී ආයෝජකයන්ට තම ව්‍යාපෘති ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට හැකි ලෙස මූලික පියවර වේගවත් කරන ලෙස ආයෝජන මණ්ඩල සභාපති අර්ජුන හේරත් මහතා අදාළ රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ ආණ්ඩුකාර කාර්යාලයේ පැවති උතුරු පළාතේ ආයෝජන කලාප ස්ථාපිත කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී හේරත් මහතා මෙසේ ඉල්ලා සිටියේය.
උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී නව ආයෝජන කලාප ආරම්භ කිරීමේ කාර්යයේදී ඊට සම්බන්ධ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්, ආයෝජනය කිරීමට අපේක්ෂිත ආයෝජකයන් හා උතුරු පළාතේ වාණිජ මණ්ඩල නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම රැස්වීමට සහභාගි වූහ.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා, නව ආයෝජන කලාපවලින් සෘජු රැකියා 16000ක් පමණ ජනිත වනු ඇතැයි අපේක්ෂා කරන අතර, වක්‍ර රැකියා 50000ක් පමණ අපේක්ෂා කරන බවත්, පරිසර හිතකාමී හරිත ආයෝජන කලාප ලෙස වඩාත් පරිසරය හා බැදුනු, පරිසර දූෂණය අවම ආයෝජන කලාප ලෙස මෙම ආයෝජන කලාප හඳුන්වා දීමට පියවර ගන්නා බවත් පැවසීය.
කන්කසන්තුරේ අතහැර දමා ඇති පැරණි සිමෙන්ති කම්හල් භූමියත්, පරන්තන් හි අතහැර දමා ඇති රසායන නිෂ්පාදන කම්හල් භූමියත් නව ආයෝජන ආයෝජන කලාපවලට අයත්ය. වසර ගණනාවක් අවධානයට ලක්නොවූ මෙම ප්‍රදේශ රටේ ආර්ථික සංවර්ධන දායක කර ගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය විය.
කන්කසන්තුරේ ආයෝජන කලාපය පිවිසුම් මාර්ග තුනක් සහිත (ගුවන්, නාවික හා දුම්රිය) සංවර්ධනය කළ හැකි බවත්, මේ ආයෝජන ආකර්ෂණයට හේතු වන බවත් මෙහිදී සඳහන් විය.
නව ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමේදී උතුරු ප්‍රදේශයේ තරුණ ශ්‍රමබලකායේ හැකියාව හා දැනුම පිළිබදව අවධානය යොමු කෙරේ. විශේෂයෙන් කන්කසන්තුරේ ඉදිවන මහපරිමාණයේ කර්මාන්ත වෙනුවෙන් ඉංජිනේරු හා තොරතුරු තාක්ෂණ දැනුම මෙන්ම පරන්තන් ආයෝජන කලාපයේදී රසායන විද්‍යාඥයන්ට ද නව අවස්ථා හිමි වේ.
අදහස් (0)
උතුරු පළාතේ නව ආයෝජන කලාප මේ වසරේ තුන්වැනි කාර්තුවේදී ඇරැඹේ
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
උතුරු පළාතේ නව ආයෝජන කලාප මේ වසරේ තුන්වැනි කාර්තුවේදී ඇරැඹේ