IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


එයිට්කන් ස්පෙන්ස් හොටේල්ස් රු. බි. 5 ක ණයකර නිකුතුව හෙට

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත එයිට්කන් ස්පෙන්ස් හොටේල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම එහි සිදු කරන රුපියල් බිලියන 5ක් වටිනා ණයකර නිකුතුව හෙට (15) දිනයේදී මිලදී ගැනීම සඳහා විවෘත කරන බව පවසයි. 
මෙලෙස නිකුත් කෙරෙන ණයකර නිකුතුව ඉදිරියේදී කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීම සඳහා වන අනුමැතියද පසුගියදා සමාගමට හිමිවිය.
ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවා ගත හැකි ලෙස සිදු කෙරෙන මෙම නිකුතුව යටතේ මුලින්ම ණයකර කොටස් මිලියන 30ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 3 කි. ඊට හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 20 ක් නිකුත් කෙරෙන අතර, සමස්ත නිකුතුව හරහා රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 5කි.
මෙම ණයකර නිකුතුව Type A සිට D දක්වා කාණ්ඩ හතරකින් වර්ග කෙරී ඇති අතර, වසර පහකින්, වසර හතකින් කල් පිරෙන ලෙස නිකුත් කෙරෙන ණයකර සඳහා වන වාර්ෂික සහ අර්ධවාර්ෂිකව ගෙවන ස්ථාවර පොළී අනුපාතද සමාගම මගින් ප්‍රකාශයට පත් කර තිබේ.



අදහස් (0)

එයිට්කන් ස්පෙන්ස් හොටේල්ස් රු. බි. 5 ක ණයකර නිකුතුව හෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site