IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


එළිය දෙන්න ආසියා බැංකු ණය

ලංකාවේ විදුලි බල පද්ධතියේ නවීකරණය සඳහා ආසියා සංවර්ධන බැංකුව ඇමෙරිකා ඩොලර් කෝටි 13ක් (රුපියල් කෝටි 2236) ණය දීමට යයි. උතුරු නැගෙනහිර මුදාගත් ප්‍රදේශවලට විදුලි බලය සැපයීම සඳහා පහසුකම් ඇති කිරිම, නව සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන ඉදිකිරිම හා පවතින මධ්‍යස්ථාන නවීකරණය ඊට අයත් වේ. මීට අමතරව කොළඹ නගරය හා යාපනය අර්ධද්වීපයේ සුර්ය පැනල ව්‍යාපෘතියක්ද පුනර්ජනනය කළ හැකි බලශක්ති ප්‍රභව හඳුන්වාදීමේ ව්‍යාපෘතියක්ද ආරම්භ කිරීමට සැළසුම් කර ඇත.



අදහස් (0)

එළිය දෙන්න ආසියා බැංකු ණය

විජේරත්න Sunday, 30 September 2012 11:27 PM

හොද වැඩක්. නමුත් කෙරෙන්නේ නැහැ. (නි)

:       0       0

සේනානායක Sunday, 30 September 2012 11:33 PM

මට ආලෝකෙ ගෙන දේවි සංසා‍රයේ.... (නි)

:       0       0

සිල්වා Sunday, 30 September 2012 11:41 PM

ජනතාවනි, මොවුන් අපිට ණය දෙන්නේ අපට ආදරයකට නොවෙයි. (නි)

:       0       0

වරුණ Monday, 01 October 2012 01:08 PM

අපිට ණය ගන්න තව රටවල් කීයක් ඉතිරිවෙලා තියෙනවද මේ මිහිපිට (ස)

:       0       0

සුසන්ත Monday, 01 October 2012 01:43 PM

බය වෙන්න එපා..මෙයා අවංකයි, පෝයට සිලුත් ගන්නවලු ...ඒ නිසා ණය ටික ගෙවලා දාවි (ස)

:       0       0

බන්දුල Friday, 05 October 2012 12:21 PM

ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ගත්තොත් අපි අමාරුවේ. (නි)

:       0       0

සමන් Thursday, 11 October 2012 11:39 AM

මට ඇ‍ඩෙනවා ‍අපේ දරුවොන්ගේ අනාගතය ගැන හිතද්දි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site