IMG-LOGO

2026 ඔක්තෝබර් මස 08 වන බ්‍රහස්පතින්දා


ඔක්තෝබරයේ සංචාරයට ලොව හොඳම රට ලංකාව

සංචාරය කිරීමට ලොව හොඳම ස්ථාන පිළිබඳ තොරතුරු ඉදිරිපත්කරන බ්‍රිතාත්‍යයේ ‘ටයිම් අවුට්‘ සඟරාව කළ නවතම අනාවරණයට අනුව ඔක්තෝබර් මාසයේ සංචාරය කිරීමට ලොව හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇත.

ශ්‍රී ලංකාවේ උණුසුම් නිවර්තන දේශගුණය, සංස්කෘතික උරුමය සහ ස්වාභාවික භූ දර්ශන මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.

ලංකාව වටා ඇති ආකර්ෂණීය වෙරළ තීර සහ කඳු නැගීමේ සිට පෞරාණික නටබුන් වනජීවී සෆාරි යනාදියද ශ්‍රී ලංකාව ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස තෝරාගැනීමට හේතු වී ඇතැයි එම සඟරාව සඳහන් කරයි. මෙම ශ්‍රේණිගතකිරීමට සෘතුමය චමත්කාරය, සංස්කෘතික සිදුවීම් සහ ඔක්තෝබර් මාසයේදී විශේෂයෙන් භුක්ති විඳිය හැකි අත්දැකීම් යනාදිය පදනම්කරගෙන ඇත.

දෙවැනි ස්ථානය තුර්කියටද, තෙවැනි ස්ථානය අමෙරිකාවේ නිව් මෙක්සිකෝ හිමිකරගෙන ඇත. එමෙන්ම අනෙකුත් ගමනාන්ත වන්නේ ස්පාඤ්ඤයේ වැලෙන්සියා, අමෙරිකාවේ නිව්යෝර්ක්, පිලිපීනය, භූතානය, බොස්නියාව සහ හර්සගොවිනා, රුමේනියාවේ ටිමිසෝරා, අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ සහ නැමීබියාවයි.

 



අදහස් (0)

ඔක්තෝබරයේ සංචාරයට ලොව හොඳම රට ලංකාව

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site