IMG-LOGO

2026 නොවැම්බර් මස 20 වන සිකුරාදා


ඔක්තෝබරයේදී මහ බැංකුවෙන් ඩො. මි. 191.3 ශුද්ධ මිලදී ගැනීමක්

  • අගෝස්තු මාසයෙන් පසුව මහ බැංකුව ඩොලර් අලෙවියක් සිදු නොකළ මාසයක් ලෙසින්ද ඔක්තෝබරය සැලකෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙරට වෙළෙඳපොළ හරහා සිදුකළ ඩොලර් මිලදී ගැනීම ඩොලර් මිලියන 191.3ක් වන බව පවසයි. එහිදී එම මාසය තුළ කිසිදු ඩොලර් අලෙවියක් සිදු කිරිමට මහ බැංකුව කටයුතු යොදා නැති අතර, මෙය මාසය තුළ මහ බැංකුව ශුද්ධ ඩොලර් මිලදී ගැනීමක් ලෙස සටහන්ව තිබේ. 

මේ අතර අගෝස්තු මාසයෙන් පසුව මහ බැංකුව ඩොලර් අලෙවියක් සිදු නොකළ මාසයක් ලෙසින්ද ඔක්තෝබරය සැලකෙයි. සැප්තැම්බර් මාසයේදී මහ බැංකුව වෙළෙඳපොළ වෙත ඩොලර් මිලියන 20.8 ක් අලෙවි කෙරිණි. 

මහ බැංකු වාර්තා අනුව 2025 ඔක්තෝබර් මාසයේදී වෙළෙඳපොළ හරහා ඩොලර් 69.8ක් මිලදී ගත් අතර, ඩොලර් මිලියන 9.5ක් අලෙවි කර තිබේ. ඒ අනුව ශුද්ධ මිලදී ගැනීම ඩොලර් මිලියන 60.3 ක් විය.



අදහස් (0)

ඔක්තෝබරයේදී මහ බැංකුවෙන් ඩො. මි. 191.3 ශුද්ධ මිලදී ගැනීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site